කුමන කරුණක් සිදුවුවද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා කැපවන ලෙස ඊට අයත් සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය

නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පරමාධිපත්‍ය සුරැකීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැමවිට සලකන බව එම නිවේදනයේ දැක්වෙයි. 

ඊයේ (08) දිනයේ පාර්ලිමේන්තුවේදී කැබිනට් අමාත්‍යවරයෙකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් සිදුකරන ලද චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම නිවේදනය නිකුත් කර ඇත.



ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එල්ලකර ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා අපක්ෂපාතී , ස්වාධීන පුද්ගලයින් පත්කර අදාළ චෝදනාවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකළ යුතු බවය.

එම සංගමය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ එම චෝදනා සත්‍ය වුවහොත් ඉන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය පළුදු වන බවය.

කෙසේ වෙතත් මෙම චෝදනා අසත්‍ය බවට ඔප්පු වුවහොත් එය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට යටතේ අපරාධ චෝදනා වලට ලක්විය යුතු බවද එහි දැක්වෙයි.

එම නිවේදනය පහතින්,
IMG 0760IMG 0761
මැතිසබේ ඊයේ පුපුරලා ගියේ අළු යට තිබූ ගිනි පුපුරක් - අධිකරණ ඇමති 

මේ අතර අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද (9) පැවසුයේ, 
මැතිසබයේ ඊයේ පුපුරා ගියේ නීතිඥ ප්‍රජාව සහ නීති ක්ෂේත්‍රය තුළ අලු යට ගිනි පුපුරක් සේ දැල්වෙමින් තිබූ දෙයක් බවයි.  

එක හුදකලා සිද්ධියක් හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රය ගැන සැකයක් ඇති කර නොගන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ  අමාත්‍යවරයා, ඊයේ සිද්ධිය  ගැන අධිකරණ ක්ෂේත්‍රයද හිත් රිදවීමක් ඇති කරගැනීමට අවශ්‍ය නැතැයි ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මෙතන ගැටුමක් නැතැයිද  ඔහු කීවේය.

අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසූවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදීය

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා තවදුරටත් මෙසේද පැවසීය.

''ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර මෙතන ගැටුමක් නෑ.

එහෙම යෝජනාවක් නෑ. පාර්ලිමේන්තුව ඊයේ පක්ෂ භේදයෙන් තොරව තීරණයක් ගත්තා. මහජන මතයට එකඟ වෙන්න. ඊයේ පාර්ලිමේන්තුවේ පිළිඹිබු වුණේ මහජන මතය.

එක් අධිකරණයක් දුන් නියෝගයක් පිළිබඳව යම් මතයක් තිබෙනවා. මේක විධායකය හා අධිකරණය අතර ගැටුමක් ලෙස අර්ථ නිරූපණය නොකළ යුතුයි කියලා  මම බලාපොරොත්තු වෙනවා.

අද මෙම යෝජනාව මහජන මතය ප්‍රබල ආකාරයට පෙන්නුම් කිරීමක්.

ඒ හුදකලා සිද්ධිය ගැන අධිකරණය ගැන මේ පාර්ලිමේන්තුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. නීති ක්ෂේත්‍රය තුළ නීතිඥ ප්‍රජාව තුළ මේක අළු යට ගිණි පුපුරක් සේ කතා වෙමින් තිබුණු කාරණයක්. ඒක තමයි ඊයේ  පුපුරලා ගියේ. නමුත් ඒ කතාව සන්නිවේදනය වුණු ආකාරය අනුව බොහෝ විනිසුරුවරුන් නීතිඥ අපහසුතාවයකට පත්වෙලා සිටිනවා.

මහජන මතයට ගරු කිරීමට ඕනෑම ආයතනයක අය බැඳී සිටිනවා.''.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්