ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින් ඩොලර් මිලියන 2ක මුදලක් මේ මොහොතේ ලබාගැනීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු

ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

'ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම' යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වේ.

එම අවස්ථාවේ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම බලධාරීන්ගෙන් එක් අයෙක් මේ වනවිටත් දිවයිනෙන් පිටව ගොස් ඇති බවය.

"නිදහස් චතුරස්‍රයේ ඇති ගිණුමෙන් ඩොලර් මිලියන 2ක මුදලක් ගන්න කටයුතු කරනවා කියලා මට පණිවුඩයක් ලැබුණා. පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය තියෙන නිසා කළමනාකාරතුමා ඉහළින් මේ ගැන උපදෙස් ඉල්ලලා තියෙනවා. පාර්ලිමේන්තුවට තියෙන බලය ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසන්න යනවා කියලා අපි මාධ්‍යයෙන් දැක්කා. මේ ගිණුම්වල මුදල් ගැනීම සහ පැහැදිලි දුෂණයක් තියෙනවා. මේ අයගේ ගමන් බලපත්‍ර අත්හිටුවන්න මොකද්ද අපිට ගන්න පුළුවන් පියවර කියලා බලන්න ඕනේ. එක පුද්ගලයෙක් රටේ නෑ. තවත් කල්මැරීම තුළ මොකද්ද වෙන්නේ කියලා ප්‍රශ්නයක්. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ."

පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල :
ඔබතුමා දැන් මේ නඩුවට ඇතුළු වෙන්න ඕන. ඒ අතුරු තහනම් නියෝගය ඉවත් කරගන්න ඔබතුමා මැදිහත් වෙන්න ඕන. මම ඔබතුමාට ඒක ඊයේ කිවුවා.

විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස :
මේක බලු වැඩක්. මේ වගේ දේවල් කරන්න ඉඩදෙන්න එපා. දැන් ජනාධිපතිතුමාට දුරකතන පණිවුඩයක් දීලා මේක කියන්න ඕන.

රොෂාන් රණසිංහ :
අද ලේකම් නැහැ. ඩොලර් මිලියන දෙකක් ගන්න අනුමැතිය ගැනීම ප්‍රශ්නයක්.



ශ්‍රී ලංකා ක්‍රිකට් මොකද කියන්නේ ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ගිණුම්වලින් තෙවන පාර්ශ්ව ගිණුම් වෙත මුදල් මාරු කර ඇති බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් මාරු කිරීමට තැත් කිරීම ගැන ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලන ආයතනය ලෙස, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබෙන අරමුදල් සහ අමෙරිකානු ඩොලර් වලින් ලැබෙන අනුග්‍රාහක ආදයම්, විනිමය අනුපාත උච්චාවචනයන් පාලනය කිරීම උදෙසා තම ඩොලර් (USD) ගිණුම්වල තබා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. කෙසේ වෙතත්, තමන්ට ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සිදු කිරීමටත්, සැපයුම්කරුවන් ඇතුළු පාර්ශවකරුවන්ට මූල්‍ය වගකීම් නිතිපතා ඉටු කිරීමටත් අවශ්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම වියදම් වෙනුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම ඩොලර් (USD) ගිණුමෙන් තම දේශීය රුපියල් (LKR) ගිණුම් වෙත අරමුදල් මාරු කිරීමේ පුරුද්දක් අනුගමනය කරනු ලබයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය මුදලින් සැලකිය යුතු ආදායමක් නොලබන බැවින් මෙය දිගුකාලීන ක්‍රමවේදයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

මෙම අරමුදල් මාරු කිරීම්, මෙහෙයුම් අරමුණු සඳහා පමණක් වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලින් මුදල් ඉවත් කර ගැනීමේ කිසිදු උත්සාහයක් පෙන්නුම් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරයි.

මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම ගිණුම්වලින් මුදල් මාරු කිරීමට උත්සාහ කරන බවට ප්‍රකාශ කරන ඕනෑම ප්‍රකාශයක් අසත්‍ය වන අතර සත්‍ය වශයෙන්ම වැරදි බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අනවශ්‍ය මහජන නොසන්සුන්තාවක් ඇති කිරීම අරමුණු කරගනිමින් යටි අරමුණු ඇතිව මෙවැනි ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වන බවද එහි දැක්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක වන්නේ එහි ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව වන අතර එමඟින් රු. 10,000/- වැඩි ගෙවීම් මුදලින් ගෙවීම තහනම් වන බවත්, ක්‍රිකට් ආයතනයට සේවා සැපයූ සැපයුම්කරුවන්, පාර්ශ්වකරුවන් සහ තෙවන පාර්ශ්ව වෙත චෙක්පත් නිකුත් කර ඇති කාලසටහනක් පාර්ලිමේන්තුවට සහ පොරොත්තු ගෙවීම් අමාත්‍යාංශයට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත් ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

එම ගෙවීම් ඇතුළත් කාලසටහන 2023 අගෝස්තු 17 සිට 2023 නොවැම්බර් 8 දක්වා කාලය ආවරණය කරන අතර බැංකුවට ඉදිරිපත් වන චෙක්පත් සඳහා ගෙවීම් ඉටු කිරීමට අවශ්‍ය අරමුදල් තම රුපියල් බැංකු (LKR) ගිණුමේ ඇති බව සහතික කරන බවද ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය මෙහෙයුම්වල විනිවිදභාවය සහ අඛණ්ඩතාව තහවුරු කිරීමට කැපවී සිටින බවත් සාවද්‍ය තොරතුරු නොසලකා හරින ලෙසත් නිවැරදි තොරතුරු සඳහා සත්‍ය මූලාශ්‍ර මත විශ්වාසය තබන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.


ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහළින්,


9624


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්