වත්මන් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති වික්‍රමසිංහ සිය ස්ථාවරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ප්‍රකාශකර ඇත.


ඒ අද පැවති රැස්වීමකදී එම මන්ත්‍රීවරුන් කළ විමසීමකදීය. 

මෙම අර්බුදයට පැලැස්තර විසඳුම් නොමැති බවත්, ඇති එකම විසඳුම චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කිරීම බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

එසේම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක විසින් ආරම්භ කල ක්‍රිකට් සංවර්ධන ව්‍යාපෘතියට එකල අධ්‍යාපන ඇමති ලෙස පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරීමට තමා දායක වූ බව පවසා ඇති ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවට 1996දී ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට එසේ පාසල් ක්‍රිකට් සංවර්ධනය විශාල පිටුවහලක් වූ බවද සඳහන් කර තිබී.

'' මම ඔය කොයි පැත්තකවත් නැ .. මම ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තේ'' යයි පවසා ඇති ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තුල ඊයේ දිනයේ සාකච්ජා කර ඇති බවත් එහි ප්‍රතිපලය ගැන බියක් ඇති බවත් සඳහන් කර ඇත. 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්