ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9)  පස්වරුවේ ඒකමතිකව සම්මත විය.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසිනි.

යෝජනාව පිළිබඳ විවාදය අද දවස පුරා පැවැත්වුණු අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු තිහකට වැඩි පිරිසක් විවාදයේදී අදහස් දැක්වූහ.

 යෝජනාව සවස සලකා බැලූ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සභා ගැබේ නොසිටීම විශේෂත්වයක් විය.

යෝජනාව සළකා බැලූණු  අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද විමසීමක් ඉල්ලමින් දිගින් දිගටම  හඬ නැගුහ. මෙහිදී සභාව ඇමතූ කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසූවේ යෝජනාව මුලදී ඒකමතිකව සම්මතවූ බවයි.

යෝජනාවට සභාවේ අනුමැතිය ඒකමතිකව ලැබී ඇති හෙයින් ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දයක් ඉල්ලා  දිගින් දිගටම ඝෝෂා කරනු දැකගත හැකිවිය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ  විවාදයේ පිළිතුරු කතාව කළේය.

ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හැමෝම එක හා සමානව අත්වැල් බැඳ ගෙන සැමගේම එකඟතාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන හොර තක්කඩි අල්ලස් දූෂිතයන් ගෙදර යැවිය යුතු බව යෝජනාව ඉදිරිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  ප්‍රකාශ කළේය.

අධිකරණය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් තමාට ඇති නමුත් පෙරේදා දිනයේ මහ ඛේදවාචයක් සිදුවූ බවද ඔහු සඳහන් කළේය.

මෙම යෝජනාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් කවුන්සිලයට යොමු කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේදී අද සඳහන් කෙරිණ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්