මහජන බැංකුවේ විසිපස් වසරක සේවාවක් සපිරූ කාර්ය මණ්ඩල සාමාජිකාවක වෙත මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ අතින් රන් පවුමක් තිළිණ කළ අවස්ථාව 

 

මහජන බැංකුවේ විසිපස් වසරක සහ හතලිස් වසරක සේවා කාලය සැපිරූ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 938 දෙනෙකුට රනින් සහ විශේෂ උපහාර පුද කෙරේ.

මහජන බැංකුවේ විසිපස් වසරක සේවා කාලයක් සම්පූර්ණ කළ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්  886 දෙනකු වෙත රන් සම්මාන පුද කිරීමේ ‘විසි පස් වසරක සේවා උපහාර උළෙල’ කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 

එමෙන්ම හතලිස් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 52 දෙනකු වෙත විශේෂ උපහාර සමරු තිළිණ පිරිනැමීමද මෙහිදි සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බැංකුවක් ලෙස මහජන බැංකුව ජනතාවට සමීප කරලීම සඳහා පුරා විසිපස් වසරක් මුළුල්ලේ සිය ශ්‍රමය, ශක්තිය කැප කළ මහජන බැංකු කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට උපහාර පිදීම වෙනුවෙන් 1986 වසරේ සිට මෙම සේවා උපහාර උළෙල පවත්වන අතර, මානව සම්පත් දෙපාර්තමේන්තුව හා සුබසාධක අංශය මෙය සංවිධානය කරයි.

මෙම උපහාර උළෙලේදි 1993 ජුලි මස 01 වැනි දින සිට 1998 සැප්තැම්බර් මස 30 දින දක්වා මහජන බැංකු සේවයට එක්වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් 2018 ජුලි මස 01 වැනි දින සිට 2023 සැප්තැම්බර් මස 30 දින අතර කාලය තුළ අඛණ්ඩව සේවා කාලය සම්පූර්ණ කළ ප්‍රණාම ලාභින් 886 දෙනකු උපහාර ලැබීය.

මෙම උපහාර උළෙලට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහභාගි වූහ.

pb nh45

හතලිස් වසරක සේවා කාලයක් සම්පූර්ණ කළ හිටපු ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු වෙත විශේෂ උපහාර තිළිණයක් පිරිනැමූ අවස්ථාව. මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) කේ.ඒ නිහාල් ද මෙහි වෙති.

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image