බදු සහන ලැබිය යුත්තේ ජනතාවට මිස අයුතු ලෙස මුදල් උපයන ව්‍යාපාරිකයන්ට නොවේ- කරු ජයසුරිය

පසුගිය දා සීනි ආනයනයට අදාලව පනවන ලද නව බදු ක්‍රමයෙන් මේ රටේ ජනතාවට තබා රජයට හෝ කිසිදු වාසියක් අත් වී නොමැති අතර එමඟින් සිදුව ඇති එකම දේ වනුයේ මේ රටේ බලවත් ව්‍යාපාරිකයක් කිහිප දෙනෙකු අතට දැවැන්ත මුදල් සම්භාරයක් උපයා ගැනීමට අවස්ථාව සලසා දීම පමණක් බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' පවසයි.

බදු සහන ලැබිය යුත්තේ ජනතාවට මිස අයුතු ලෙස මුදල් උපයන ව්‍යාපාරිකයන්ට නොවන බව පවසන 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය', ඒ අනුව නොපමාව ජනතාවට සාධාරණයක් ඉටු කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කර සිටියි.

'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති කරු ජයසුරියගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

හිටපු කතානායක කරු ජයසුරියගේ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

 අපගේ ඇස්තමේන්තු අනුව මෙයට පෙර 2020 සවරේ දී සීනි සඳහා  පනවා තිබු බදු අඩු කිරීම මඟින් අපයෝජනය කරන ලද මුදල රුපියල් බිලියන 15කි. පාර්ලිමේන්තුවේ කාරක සභා දෙකක විමසුම් මඟින් සහ විගණකාධිපතිවරයාගේ නිගමනයෙන් ද මේ බව සනාථ කරයි. එදා එකී වංචාවට එරෙහිව ද අප බලවත් හඩක් සමාජගත කළෙමු. එම නිසා මෙම ක්ෂේත්‍රය පිළිබඳව කතා කිරීමට අයිතියක්, යුතුකමක්, හා හෘදය සාක්ෂියක් අපට තිබේ.  පසුගිය දා සීනි සඳහා වන බදු මුදල් ඉහළ දැමීම මඟින් රුපියල් බිලියන 10ක් පමණ වන තරමේ දැවැන්ත මුදලක් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු අතට පත්වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට ද වාර්තා වේ.


එමෙන් ම අප මෙහිදි අවධාරණය කරන තවත් එක් කාරණයක් වන්නේ මෙවැනි තත්ත්වයන් නිර්මාණය කර උපරිම සිල්ලර මිලක් නියම කිරීම මඟින් මේ රටේ කිසිම දිනක සාර්ථකත්වයක් ලබා නොමැති බවය. එමෙන් ම මේ ආකාරයට බලවතුන් කිහිප දෙනෙකුගේ සිතැඟි පරිදි සිදු කරන බදු සංශෝධන මඟින් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට අයථා ලෙස ලාභ ලබා ගැනීමට ඉඩ නොතැබීම එක් යුගයක මේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය වී තිබූ බව ද සිහිපත් කල යුතුය.

‘‘අසීමිත ලාභ ’’ (Wind Fall Profit) නමින් නව පනතක්

ronnie de mel b149f101 279f 48c1 b00d fcb26b18206 resize 750                       රොනි ද මැල්

එයට උදාහරණ වන්නේ 1977 පළමු අයවැය ලේඛණය මඟින් රුපියල අවප්‍රමාණය කිරීම නිසා අපනයනකරුවන් වශයෙන් මේ රටේ ව්‍යාපාරිකයන්ට ලැබුණු විශාල ලාභය පවා රජයට අත්පත් කරගැනීමට මේ රට කටයුතු කර ඇති බව ද මෙහිදී සිහිපත් කල යුතුය. එය සිදු කරන ලද්දේ ‘‘අසීමිත ලාභ ’’ (Wind Fall Profit) නමින් නව පනතක් සම්මත කිරීම මඟිනි. එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ  රොනි ද මැල් මහතා එම පනත හරහා ව්‍යාපාරිකයන් අතට පත්වීමට තිබූ අසීමිත ලාභ නැවත රජයට අත්පත් කරගැනීමට කටයුතු කළේය.

අප මෙම නිවේදනය නිකුත් කරන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පමණක් නොව 1980 දශකයේ දී සීනි ආනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් ද වශයෙන් ලබාගත් අත්දැකීම් ද සමඟිනි.

1980 දශකයේ දී දේශීය සීනි කර්මාන්තශාලා පාඩු ලැබූ අතර ආනයනික සීනි අඩු මිලකට ලබාගැනීමට හැකි වී තිබිණි. එම නිසා එවකට සිටි රාජ්‍ය නායකයින්ගේ ඇරයුම පිට ආනයනකරුවන්ගේ සංගමය, දේශීය සීනි නිෂ්පාදකයින්ගේ සංගමය හා මහා භාණ්ඩාගාරය සමඟ එක්ව සාධාරණ ආනයන බදු ක්‍රමයක් යෝජනා කරන ලදී. ඒ අනුව නිෂ්පාදන සමාගම්වලට හා ආනයනකරුවන්ට කිලෝවකට ශත 15 ත් 25 අතර ලාභයක් උපයා ගැනීමට අවකාශය ලැබිණි. මෙම ක්‍රමය තුළ සිල්ලර වෙළෙන්දන්ට ද සහනයක් සැලසින. දේශීය සීනි නිෂ්පාදනය දියුණු වූයේ එදා ඇති කරගත් එම සහජීවනය තුළිනි. ''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්