leader s

රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසින්

ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් වූ මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් “ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමය”‍ වඩාත් ශක්තිමත් කිරීම සඳහා මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් සලසා දීම සඳහා පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාම යෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම කෙටුම්පතෙහි ඇතුළත් වී ඇත.

Awukan 2024

මෙම පනත් කෙටුම්පත සැකසීම සඳහා තාක්ෂණික සහය Institute of Politics ආයතනය වෙනුවෙන් නීතිඥ අකලංක හෙට්ටිආරච්චි  සහ සංජීව විමලගුණරත්න විසින් 2022 වසරේදී ලබා දී තිබුණ අතර මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා පසුබිම සැකසීම සඳහා සත්‍ය ගවේෂී සංවිධානයද මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත මන්ත්‍රී වරයාට සිය සහය ලබා දී තිබුණි.

පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ඉදිරිපත් කරමින් තරුණ නියෝජනය තහවුරු කිරීමට දොළවත්ත මන්ත්‍රීවරයා ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගය තරුණ සංවිධාන ගණනාවක් විසින් මේ වනවිට ප්‍රසාදයට ලක් කර ඇත.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්