පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වූ පමණින් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එම ධුරවලින් ඉවත් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව ජනාධිපති නීතීඥ යූ.ආර්. ද

සිල්වා අප කළ විමසීමකදී බීබීසී සිංහල වෙත පැවසීය.

ජනාධිපති නීතිඥ යු. ආර්. ද සිල්වා සඳහන් කළේ,“අපේ නීතියේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා යම් යම් නිලධාරීන් ඉවත් කර ගන්නා ක්‍රමවේදය. උදාහරහණයක් විදියට ගත්තොත් අපි අග්‍රවිනිශ්චයකාරවරයෙකු ඉවත් කිරීම ගැන ඊට අදාළ කටයුතු අපිට හිතුමතේ කරන්න බැහැ. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවකින් සමන්විතව පරීක්ෂණයක් පවත්වලා ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලය පාර්ලිමේන්තුවට දැනුම් දීලා පාර්ලිමේන්තුව තුළින් බහුතර කැමැත්ත අනුව තමයි එවැනි ඉවත් කිරීමක් සිදුවන්නේ.”

“එහෙම තමයි විශ්වාසය නැති කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය. ඒකට නීතිමය ප්‍රතිපාදන සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම උසස් රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීම සම්බන්ධව වෙනම පනතක් තිබෙනවා. ඒකෙත් පාර්ලිමේන්තුව තමයි අවසානයට නිගමනය කරන්නේ මෙයාව තියාගන්නවාද නැද්ද කියලා.” ජනාධිපති නීතිඥවරයා පැවසීය.

“ඒවා තියෙන්නේ ඒ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ආවට ගියාට නැතුව ආරක්ෂා කර ගැනීම සඳහා. ඒක හොඳ ක්‍රියාවලියක්. නමුත් එතනදී පාර්ලිමේන්තුවට හිතුමතේ යෝජනා සම්මතයක් කරන්න බෑ.”

“ඒක කරන්න කලින් පාර්ලිමේන්තුව සියලුදෙනාට සවන් දෙන්න ඕනේ ක්‍රියාපටිපාටියක් තිබෙනවා. එහෙම සවන් දීලා ඔහුගේ පැහැදිලි කිරීම සිදු කිරීමෙන් අනතුරුව තමයි අවසාන නිගමනයට පාර්ලිමේන්තුව එළඹෙන්නේ.”

 

“මෙතනදී එහෙම දේකුත් වෙලා නෑ. එහෙම කරන්න බලයකුත් පාර්ලිමේන්තුවට නැහැ. පාර්ලිමේන්තුව කළේ ඉතා නිවැරදි දෙයක්. ජනතාවගේ මතය ලොවට ප්‍රකාශ කළා.”

 

"ICC ය වේවා ක්‍රිකට් මණ්ඩලය වේවා, ඒ හැම තැනටම කිව්වේ 225 ක් වන අපි ජනතාවගේ නියෝජිතයෝ. ජනතාව ආදරය කරන ක්‍රීඩාවට මෙවැනි ව්‍යවසනයක් වෙන වෙලාවේදී මේ ඉන්න බලධාරීන් සමග තවදුරටත් කටයුතු කිරීම සුදුසු නොමැති බව තමයි ඔවුන් ප්‍රකාශ කලේ.” ජනාධිපති නීතිඥවරයා පැවසීය.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් නිල වශයෙන් ඉවත් කළ හැකි පටිපාටිය කුමක්ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය කරන නිලධාරි මණ්ඩලය ඉවත් කළ යුතු නම් ඒ සඳහා නීතිමය වශයෙන් ඇති ක්‍රියා පටිපාටිය කුමක්ද යන්න ගැනද ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා පැහැදිලි කර සිටියේය.

“ඉවත් කිරීම සිදු කරන්න නම් මේ පනතේ හැටියට අමාත්‍යවරයාට පුළුවන් ඒක ඉවත් කරලා ඔය කරපු ක්‍රමය අනුගමනය කරන්න.”

“ඒ තමයි පාලක සභාව විසුරුවා හැරලා අතුරු කමිටුවක් පත් කර ගන්නවා නැවත ඡන්ද විමසීමක් සිදු කරන තුරු. ඒක තමයි මේ පියවර නීතියට අනුව කටයුතු කළේ. ඒවත් ඇවිල්ලා තාවකාලිකව විසඳුම් හින්දා මේ පිළිබඳ මෙතෙක් කල් උනන්දු වුණේ නෑ පියවර ගන්න.”

“හරි විදිහට කරනවා නම් පනතකින් තමයි ඒ අයව ඉවත් කිරීමට හැකියාව තියෙන්නෙ. නව පනතක් ගෙන ඒම සඳහා කටයුතු කරන අවස්ථාවක් තමයි මේක.”

“අපි දැක්කා මේ පිළිබඳ ජනාධිපතිතුමා විසින් විශේෂයෙන්ම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු වන කේ. ටී චිත්‍රසිරි විනිශ්චයකාරතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරල ඒ කමිටුවට මේ වාර්තාව දැනටමත් අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පත්කළ කැබිනට් අනු කමිටුවට භාර දීලා තිබෙනවා.”

 

“අන්න ඒකේ හැටියට හිතුමතේ මිනිස්සුන්ට පත් වෙන්න බැහැ. සම්පූර්ණයෙන් ලංකාව වටේ ඉන්න ක්‍රීඩා සංගම්වල නියෝජිතයින් එකතු වෙලා මුදල් මත හෝ වෙනත් විදිහකින් ක්‍රියාපටිපාටියක් මත හිතුන කෙනාව පත් කර ගන්න බෑ.”

 

“18 දෙනෙකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් තමයි ක්‍රියාත්මක වෙන්න නියමිතව තියෙන්නේ. 18 දෙනාගෙන් 08 දෙනෙක් පත් කරන්න සිද්ධ වෙන්නේ විද්වත් මණ්ඩලයකට. ඒ පිළිබඳ පලපුරුද්ද තියෙන අයව තෝරලා පත් කිරීමක් තමයි කරන්නේ. ඡන්දයෙන් පත් වෙන්න පුළුවන් 10 දෙනාටයි. ඒ දහදෙනත් පත් විය යුතු ආකාරය පිළිබඳ පැහැදිලිව ඒකේ සඳහන් වෙලා තියෙනවා.”

“මේ පනත දැනටමත් පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙන බවටයි දැන ගන්නට ලැබෙන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ ඉන්න අයට මේ ගැන තාම උනන්දුවක් තියෙන නිසා කල් නොයවා මේක ඉක්මනින් සම්මත කරලා ඒ පිළිබඳ ක්‍රියාත්මක වන දිනය කතානායකතුමා අත්සන් කළහම එතකොට නව පාලක මණ්ඩලයකට අවස්ථාව සැලසෙන පරිදි ක්‍රියාත්මක වෙනවා." ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම හා ශුරයින්ගේ කුසලානයෙන් ඉවතට

කෙසේ වෙතත් නොවැම්බර් මස 10 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණය නිවේදනය කරමින් ප්‍රකාශ කොට තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකත්වය අත්හිටුවීමේ කොන්දේසි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇති බව එම නිවේදනයේ සඳහන් වූ අතර ක්‍රීඩා අමාත්‍යවරයාද, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ද ඊයේ  (නොවැම්බර් 11) සවස් වරුවේ මාධ්‍ය සාකාච්ජා දෙකක් පවත්මින් එකිනෙකා වෙත දොස් පවරමින් ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම, ලෝක කුසාලනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පසුබෑම, චෝදනා එල්ල වෙන වංචා දුෂණ සම්බන්ධයෙන් තම අදහස් පළ කළහ.

මේ අතර ශ්‍රී ලංකාව සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ශුරයින්ගේ කුසලානයට සුදුසුකම් නොලබා ඉවතට විසිවී ගොස් තිබේ.

ඒ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අවම මට්ටක පැවතීම හා 2023 ලෝක කුසානයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් කණ්ඩායම් අතර රැදීම නිසාය.

(BBC සිංහල සේවය)

සබැඳි පුවත් :
පාර්ලිමේන්තු යෝජනාවෙන් ක්‍රිකට් බෝඩ් එක එලවන්න පුළුවන්ද ?


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්