ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හොරා කාපු මුදල් අයිති රටේ ජනතාවට බවත් මෙසේ මුදල් හොරා කන විට කොන්ද පන නැති පුද්ගලයන් සේ බලා සිටිනවාද කියා ජනතාව තීන්දු කළ

යුතු බවත්, පාර්ලිමේන්තුවද පක්ෂ භේදයකින් තොරව ක්‍රිකට් වෙනුවෙන් එකට එකතු වූවා සේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ලක්ෂ 220ක් වූ ජනතාව ද එකට එකතු වී නැගී සිටිය යුතු බවත්, රට බංකොලොත් වූයේ පවුල්වාදය සහ ගජමිතුරු වාදයේ හොරා කෑම නිසා බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් පවා ආක්‍රමණය කර ඇති බැවින් ඊට විරුද්ධව එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.


විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (11) විපක්ෂ නායක කාර්යාලයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

හැමදාම බෙදෙන පාර්ලිමේන්තුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීමට සහ ගම් නගර බිම් මට්ටිමින් පළාත් හා ක්‍රිකට් සමාජ මට්ටමින් දියුණු කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් එකට එකතු වුණා. එවැනි තත්ත්වයක් තුළ අයි.සී.සී එක අප රටට ක්‍රිකට් තහංචියක් දාලා.. ඒ සම්බන්ධයෙන් ඊ. එස්. පී. එන්. නාලිකාව නියෝජනය කරන 'ක්‍රිර්ක් ඉන්ෆෝ' වෙබ් අඩවිය සඳහන් කර සිටියේ මෙම තහනම ලබා දීමට අවශ්‍ය ගොනුකර ඇත්තේ අපේම රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ආයතනය බවත් විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේය.

 

අපේම රටේ ආයතනයක් රටට විණ කරන්න කටයුතු කර ඇති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිටින්නේ දේශද්‍රෝහීන් සහ රජද්‍රෝහීන් බවත් ඔවුන් සමස්ත පුරවැසියන්ටම ද්‍රෝහිකම් සිදුකර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

 

''ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ වරම් අහිමි විය හැකියි''

 එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ වාර්තා වන ආකාරයට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ වරම් අහිමි විය හැකි බවත්ය.

එසේම තමන්ගේ හොර ගනුදෙණු, දූෂිත මුදල් ගනුදෙණු සහ ක්‍රියාදාම ප්‍රජාතන්ත්‍රවාදය පෙරටු කර ගෙන ආරක්ෂා කර ගැනීමට යන බවත් ඔවුන් අයි. සී. සී යට කියා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව බිහි වූ ක්‍රිකට් බෝඩ් එකට විවිධ බාධා පැමිණෙන බවත් ය. ඔවුන් එසේ කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදීව බිහි වූ ක්‍රිකට් බෝඩ් එකට අල්ලස් චෝදනා, දූෂණ ක්‍රියාවල නිරත වූ බවට චෝදනා, පගා ගැසීම් සහ කොමිස් ගැසීම් පුළුවන්ද කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2018 සංචාරයේ දී එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී විකාශන අයිතිය වෙනුවෙන් අප රටට ලැබෙන්න ඇති ඇමෙරිකා ඩොලර් මිලියන 5.5කට වූ දෙයක් දන්නේ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නමින් පිටරට ඇති ගිණුම්වල එම ලක්ෂ 10175ක මුදලක ඇති බව පැවසුවත් එයට වුන දෙයක් සොයා ගත නොහැකියි. සැබවින්ම එම මුදල් යොමුවිය යුත්තේ රටේ ක්‍රිකට් දියුණු කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

ඉන්දියාවේ ක්‍රිකට් දියුණු කරන්න ගෙන ආ ලෝඩා වාර්තාවට කිසිදු තහනම් නියෝගයක් නැති වුවත් ලංකාවේ ක්‍රිකට් දූෂණ ක්‍රියා ඇතුළත් කුසලා සරෝජනී වාර්තාවට චිත්‍රසිරි වාර්තාවට නිතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි ලෙස තහනමක් ගෙන ඇති බවත් ලංකාවේ එවැනි වාර්තා තහනම් වීම පුදුමයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


'' හරි දේ අගය කරන තාක්කල් ආණ්ඩුවේ ඉන්නවා. මේ වෙලාවේ ලැබෙන සහයෝගය අඩුයි'' - ක්‍රීඩා ඇමති 

මේ අතර ඊයේ  (11) ක්‍රීඩා අමාත්‍යාංශයේදී කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසුයේ, තමා වැඩ කරන්නේ මහජනයාගේ සිතුවිලි අනුව බවයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නේ ජනතා මතය අනුව බව ද ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී පැවසිය. 

"මම වැඩ කරන්නේ මහජනයාගේ සිතුවිලි අනුව. ආණ්ඩුවේ ඉන්නවා හරි දේ කරන්න. හරි දේ අගය කරන තාක්කල් ඉන්නවා. මේ වෙලාවේ ලැබෙන සහයෝගය අඩුයි. ඉස්සරහට බලමු. ආණ්ඩුවේ නෙමෙයි යම් යම් තැන්වල. ව්‍යවස්ථාදායකයේ සහයෝගය සම්පූර්ණයෙන්ම ලැබිලා තියෙනවා.. කිහිප දෙනෙක් හැර. 225න් 210ක් 212ක් සහාය දෙනවා. ජනාධිපතිතුමාගේ සහයෝගය... එතුමාට කවුරුහරි මොනවා හරි කියලා." 

 

"මම ඇමතිකමේ හිටියත් නැතත් මගේ සටන අතහරින්නේ නැහැ. පුද්ගලික නීතිඥයෝ දාලා හරි නඩු කියනවා. මෙයාලා ගහන ගැහිලි අනුව අපි දන්නේ පාළම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ ඒවා"

 

"මේක හොඳ ටෙලි නාට්‍යක්. මම දකිනවා සමහරු සමහර තැන්වල හොරෙන් වීඩියෝ කරගන්නවා. තහනම් කරගන්නවා. හොරා රැකලා වැඩක් කරපු ඇමතිව යවන රටක් කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නේ."

"ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට නිෂේධ බලයක් තියෙනවා. ඔහුගේ කීම මතනේ ක්‍රිකට් තහනම් කරලා තියෙන්නේ. එහෙම නැත්තම් ඔහු පිටුපස මහා බලයක් තියෙන්න ඕනේ."

"රග්බි එක තහනම් කරනකොට ඒ අය අපිට ලියනවා. සදාචාරයක් තියෙන්න එපැයි. ක්‍රීඩා දේශපාලනයත් තියෙනවා නේ. දැන් අපිව තේරුම් අරන් ඔලිම්පික් කමිටුවත් අපිත් එක්ක වැඩ කරනවා නේ."

"ක්‍රිකට් පරාජයන්වලට කණ්ඩායම වගකියන්න ඕනේ නැහැ."

"අපි සුබවාදීව බලමු. මාර්ග දෙකයි තියෙන්නේ. ලක් මාතාව බිත්තියට තියලා කඹේ දාලා එල්ලලා තියෙන්නේ."

"මට එවන්න ජනතාවගේ මතය. මට ඒක වටිනවා. මම ඒවා බලනවා."

"මෙයාලටම කරගෙන යන්න දෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ අභියෝගය අරගෙන තහනම ඉවත් කරගෙන ක්‍රිකට් හදාගෙන යනවද? ඔය මාර්ග දෙක විතරයි තියෙන්නේ."




worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්