ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීත් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂ

ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කරවා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත ආයතනයක් බව මෙරට සෑම පුරවැසියකුම පිළිගන්නා කරුණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එබැවින් ජාතික ප්‍රශ්නයක් සේ සලකා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකතුව එකතුව යෝජනාවක් සම්මත කරගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණය පිටුදැකීමේ අරමුණින් බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

එය කිසිසේත්ම දේශපාලන අත පෙවීමක් නොවන බවද ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙරටට ක්‍රිකට් තහනමක් පැනවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාගේ ඉල්ලීමට බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා කර ඇතැයි කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් යනු මෙරට ජනතාවගේ පොදු දේපලක් මිස ඔහුගේ පුද්ගලික බූදලයක් නොවේයැයි පැවසීය.

ක්‍රිකට් සභාපතිවරයා මෙවැනි ඉල්ලීමක් කර ඇත්නම් එය රට පාවාදීමක් බව පැවසූ අමාත්‍ය රණතුංග, ඊට එරෙහිව විෂය භාර අමාත්‍යවරයා විසින් වහා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව සඳහන් කළේය.

21 වැනිදා මොකද වෙන්නේ ?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවද ඊට අදාළ කොන්දේසි මොනවා දැයි මෙතෙක් නිවේදනය කර නොමැත.

ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලබන 21 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

"ICC වැඩේට මම 21 යනවා. ජනාධිපතිතුමාටත් මම කතා කරනවා." ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

"ඇමතිව අපි ගෙනියන්නම් වෙන තැනකට. මෙයා හිතන් ඉන්නේ ගිනස් එකට යන්න පුළුවන් හොඳම ඇමති එයා කියලා."

"දේශපාලකයෙක් නිසා නැති වෙන්නේ රටේ ක්‍රිකට්. තනි මිනිහෙක් බොරු කියනවා. අනික් අය හොයන්නේ නැතුව ඔව් ඔව් කියනවා."

"ICC මේක අයින් කළේ නැත්නම් ඩොලර් මිලියන 50ක අලාභයක් අවම වශයෙන් වෙනවා ලබන අවුරුද්දට. මං දන්නේ නැහැ මොනවා වෙයිද කියලා." ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පැවසිය. 

 
.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්