ජනාධිපතිවරයා අයවැය කතාව බුදුදහම පදනම් කර ගෙන ආරම්භ කිරිම තුළින් බුදුදහමට නිග්‍රහයක් සිදු කළ බවත් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ පිදිය යුත්තන් පිදිය

යුතු වුවත් වත්මන් ජනාධිපතිවරයා විසින් පිදිය යුත්තන් පුදන්නේ නැතිව ක්‍රියාවෙන් බාල කොට්ඨාසයකගේ ජනවරමක් ලබා ගත් බවත් අයි. එම්. එෆ්. එකත් සමඟ ගහපු ගිවිසුමේ ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වීම නිසා දෙවැනි අයි. එම්. එෆ්. වාරිකයත් ලබා ගත නොහැකි තත්ත්වයත් මත ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිල්ලර අයවැයක් ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙය රටේ ජනතාව රැවැට්ටවීමට ගත් උත්සාහයක් බවත් අයවැයෙන් අපායක් ගැන කතා කළත් පාලකයෝ සිටින්නේ දිව්‍ය ලෝකයේ බවත් මෙම අයවැයෙන් වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය, ජීවනෝපාය ශක්තිමත් කිරීමට ඇති වැඩපිළිවෙළ ගැන කතා කිරිමට පෙර 2022 අයවැය යෝජනාවේ අන්තර්ගත කරුණු කොපමණ ප්‍රමාණයක් ඉටු කිරිමට හැකිවූවාද යන්න සිතා බැලිය යුතු බවත් එම අයවැය යෝජනාවේ ඇති විශාල කරුණු ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරිමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (13) පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයත් අභියෝගට ලක් කරලා

එසේම ජීවන වියදම් යෝජනාව 7000 සිට 17000 දක්වා වැඩි කිරීම අයවැය යෝජනාවේ පැවැතියත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 7500 - 10000 දක්වා බවත් ඊට අමතරව අයවැය කතාවේ සමහර අංශ මන්ත්‍රීවරුන්ට ලබා දීමට පෙර මාධ්‍යයට ලබා දී ඇති බවත් ඒ තුළින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පවා අභියෝගයට ලක් කර ඇති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ මෙය රටේ ජනතාව රැවැටීමට උපයෝගී කර ගත් මාධ්‍ය සංදර්ශනයක් බවයි.

අයවැය කතාවෙන් බුදුදහමට නිග්‍රහයක් සිදු කළා

තවද සුබ මොහොතින් කළ අයවැය කතාව අනුව පාලකයන්ට දිව්‍ය ලෝකයත් රටේ ජනතාවට අපායත් පෙන්වා ඇති බවත් මෙම අයවැයෙන් ජීවන වියදම් දීමනාව අප්‍රේල් මාසයේ සිට ලබා දෙන්නේ රජයට මුදල් නොමැති නිසා බැවින් මෙයට නොරැවටෙන ලෙසත් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ, බුදුදහම උපයෝගී කර ගෙන බුදුදහමට නිග්‍රහ කරමින් ව්‍යාජ අයවැය ඉදිරිපත් කර ජනතාව තවදුරටත් අපහසුතාවට පත් නොකරන ලෙස යි.

එමෙන් ම ලර්න් ඒෂියා සංගණනයට අනුව ලක්ෂ 30 සිට 70 දක්වා ලක්ෂ 40කින් දුප්පත්කම වැඩි වී ඇති බවත් අස්වැසුම පවා අවිද්‍යාත්මක වැඩසටහනක් බවත් එය දේශපාලන ගුන්ඩුවක් බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් කියා සිටියේ, මේ අයවැය කතාවට ඇති පැහැදිලි විකල්ප සම්බන්ධයෙන් තමාගේ කතාව තුළින් ඉදිරිපත් කරන බව යි.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්