The Leader News
BREAKING
Top Ad
පුවත්

මහින්ද කොළඹ නිල නිවස අතහරී !

T

The Leader Desk

August 3, 2025 • 4:16 PM

මහින්ද කොළඹ නිල නිවස අතහරී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ නිල නිවසෙන් ඉවත්ව යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ පැවසීය.
  • මෙම එක දේපළක් වත් බලෙන් ගත් ඒවා නොවන බවද ඔහු සඳහන් කළේය.
  • ජනාධිපතිවරුන් බලයේ සිටි කාලයේදී ගන්නා යම් යම් තීරණ හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුවට ප්‍රශ්න මතුවිය හැකි හෙයින් ඔවුනට ආරක්ෂාව අවශ්‍ය බවත් වත්මන් ජනාධිපතිවරයා ගන්නා මෙම තීරණ ඉදිරියේදී ඔහුටම පාරාවළල්ලක් විය හැකි බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
  • හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය දිනුම් අමුණුගම පැවසුවේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹින් යැව්වොත් ගෙවල් සීයක් ඔප්පුත් එක්ක දෙන්න මිනිස්සු ඉදිරිපත් වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ නිල නිවසෙන් ඉවත්ව යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ පැවසීය.

මෙම එක දේපළක් වත් බලෙන් ගත් ඒවා නොවන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරුන් බලයේ සිටි කාලයේදී ගන්නා යම් යම් තීරණ හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුවට ප්‍රශ්න මතුවිය හැකි හෙයින් ඔවුනට ආරක්ෂාව අවශ්‍ය බවත් වත්මන් ජනාධිපතිවරයා ගන්නා මෙම තීරණ ඉදිරියේදී ඔහුටම පාරාවළල්ලක් විය හැකි බවත් නාමල් රාජපක්ෂ  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සංවිධායකවරුන් පිරිසකට පත්වීම් ලිපි ලබාදීමෙන් පසු කොළඹ එම පක්ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය  දිනුම් අමුණුගම පැවසුවේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹින් යැව්වොත් ගෙවල් සීයක් ඔප්පුත් එක්ක දෙන්න මිනිස්සු ඉදිරිපත් වන බවයි. මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නොනිල ජනාධිපති මන්දිර සෑම දිස්ත්‍රික්කයකම ඉදිකිරීමට ජනතාව සූදානම් බවද ඔහු ප්‍රකාශ කළේය.

 
හිටපු ජනපතින්ගේ නිවාස ඉවත් කිරීමේ පනත මේ මස අග මැතිසබයට
 
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා ඉවත් කිරීමේ පනත් කෙටුම්පත බොහෝ දුරට මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂන නානායක්කාර පැවසීය.

පාර්ලිමේන්තුවේ කටයුතු අනුව ඒ සඳහා කාලය වෙන්කර ගතයුතු බවද ඔහු සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත ජනතාවගේ ජන වරම ඉටුකිරීමකැයි පැවසූ අමාත්‍යවරයා, මෙවැනි අනවශ්‍ය වරප්‍රසාද කපන තවත් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා කප්පාදු කෙරෙන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරිණ.

ජනපතිවරුන්ගේ වැටුප හෝ විශ්‍රාම වැටුප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති හෙයින් නව පනත් කෙටුම්පතෙන් එම වරප්‍රසාදයට කිසිදු  බලපෑමක් ඇති නොවනු ඇත.

(lankadeepa | සුජිත් හේවාජුලිගේ )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...