ඔහු මෙම අදහස් පළ කළේ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවෙහි උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් පැවති මාධ්ය හමුවේ දී ය.
එදා වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ගොඩ ගත්තේ ආයතන ගොඩ දැමිය හැකි සභාපතිවරු පත් කළ බැවින් යැයි ද විමල් වීරවංශ මෙහි දී සිහිපත් කළේ ය.
එදා අනුර කුමාර දිසානායක කැසිනෝ සම්බන්ධයෙන් කළ ප්රකාශයන් සහ අද අනුර කුමාර දිසානායක 'සිටි ඔෆ් ඩ්රීම්ස්' කැසිනෝ ශාලාව සහිත හෝටලය විවෘත කිරීමට යාම සම්බන්ධයෙන් ද විමල් වීරවංශ මෙහිදී අදහස් පළකළේය.
එමෙන්ම ශ්රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් නිකුත්කිරීම ඉන්දියානු සමාගමකට පැවරීමට ආණ්ඩුව දරන උත්සාහයක් සමබන්ධයෙන් ද විමල් විරවංශ මෙම මාධ්ය හමුවේදී කරුණු කාරණා රැසක් අනාවරණය කළේය.
මතු පළ වන්නේ එම මාධ්ය හමුවේ දී වීමල් වීරවංශ පළ කළ අදහස් අන්තර්ගත වීඩියෝව යි.




