මෙම නිළවරණය ඊයේ (03) පෙරවරුවේ පැවැත්වුනු අතර සියළුම නිලධාරීන් පාහේ තේරුණේ ඡන්දයෙනි.
සවස් වරුවේ දිස්ත්රික් යෞවන සමාජ සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබියදී ප්රධාන ආරාධිතයාවූ කළුතර වැඩ බලන දිස්ත්රික් ලේකම් ශානික ත්රිමාන්න ඇතුළු පිරිස කැඳවාගෙන එමින් සිටියදී ශාලාවෙන් පිටත සිටි පිරිසක් නව නිලධාරීන් තේරූ ආකාරය පිළිබඳව දොස් නගමින් කළහකාරීව හැසිරෙන ලදී.
පසුව පොලිසිය මැදිහත්වී තත්වය පාලනය කළේය.
පූර්ණ සත්යජිත් ඇප මත නිදහස්

කළුතර දිස්ත්රික් යෞවන සමාජ සම්මේලනය දේශපාලනීකරණය කිරීමට එරෙහිව විරෝධය පල කල තරුණ දේශපාලන ක්රියාකාරිකයකු වන පූර්ණ සත්යජිත් ඊයේ අත්අඩංගුවට පත් වුණ අතර, පසුව පොලිස් ඇප මත ඔහුව නිදහස් කර තිබිණ.
එහිදී ජ්යේෂ්ඨ නීතීඥ සුදත් වික්රමරත්න ගේ උපදෙස් පරිදි, නීතීඥ නිරාශාන් විතානගේ සහ නීතිවේදී පසිඳු වාසල කළුතර දකුණ පොලීසියේ දී එම තරුණ නායකයා වෙනුවෙන් පෙනී සිටියේය.
කළුතර දිස්ත්රික් NYSC රැස්වීමක් අවසානයේදී සිදුවූ විරෝධතා සම්බන්ධයෙන් චෝදනා පදනම්ව ඔහු අත්අඩංගුවට ගනු ගෙන ඇතැයි නීතිඥයින් මෙහිදී කරුණු දැක්විය.
ජවිපෙට තරුණ සේවා සභාවල බලය අවශ්ය ම ද...? Ideas front වීඩියෝවක්
ප්රභූ දේශපාලන තන්ත්රය මෙන් නොව ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිට ම තරුණ තරුණියන් අතර සිය දේශපාලන බලය පතුරුවා හැරි බවත්, තරුණ බලය තම පක්ෂය වටා ගොනු කරගත් බවත්, එබැවින් මේ වන විට පවතින යෞවන සමාජ බල ගැටුම, එසේත් නොමැති නම් තරුණ සේවා සභාවල බලය පිහිටු වීම සඳහා ඔවුන් විශේෂයෙන් වෙහෙස විය යුතු නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ තරුණ තරුණියන් ආකර්ෂණය කරගන්නා ව්යාපාරයක් වූවා සේ ම ජාතික තරුණ සේවා සභාව ද තරුණ තරුණියන් ආකර්ෂණය කරගන්නා ව්යාපාරයක් බවයි.
මේ හේතුවෙන් ම තරුණ සේවා සභාව ආරම්භක යුගයේ සිට එම ව්යාපාරය සමග ජනතා විමුක්ති පෙරමුණ ගැටුම් ඇති කරගත් බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




