ඔහු වැඩිදුරටත් පවසනුයේ වසර විසි පහක කාලය පුරා ක්රියාත්මක කරන ජලභීතිකා එන්නත්කරණ සහ සුනඛ වන්ධ්යාකරණ වැඩ සටහනක් නිරීක්ෂණයට පැමිණි කොළඹ මුල්ම නගරාධිපති ද ඇය බවයි.
එමෙන්ම වර්තමානයට ගැලපෙන නවතම දේශපාලනික අදහස් මත පදනම් වන සත්ව අහිංසාව හා සත්ව හිමිකම් පිළිබඳව මනා හැඟීමක් සේම දැනීමක් ද ඇති ඇය වැන්නියක සිය බල ප්රදේශය වන කොළඹ මහ නගර සභා සීමාව තුළ ජීවත් වන නිවාස අහිමි සුනඛයන් පිළිබඳව මානුෂීය දෘෂ්ඨියකින් යුතුව කටයුතු කිරීම එම සුනඛ ප්රජාවේ මෙන්ම සමස්ත ශ්රී ලාංකේය ප්රජාවේ ද යහපතට හේතු වන බව ද පශු වෛද්ය චමිත් නානායක්කාර පවසයි.
මානුෂීය ක්රම මඟින් සත්ව ගහණය පාලනය කිරීමේ පශු වෛද්ය එකමුතුව විසින් පවත්වනු ලැබූ සුනඛයන්ට ජල භීතිකා එන්නත් ලබා දීමේ සහ සුනඛයන් වන්ධ්යාකරණය ලක් කිරීමේ වැඩ සටහනක් ඊයේ (03) කොළඹ 5,ජාවත්ත ඇවනිව් හි බොඩි බාර් ව්යායාම මධ්යස්ථාන පරිශ්රයේ දී පවත්වන ලදී.
| vinivida




