The Leader News
BREAKING
Top Ad
පුවත්

චෙම්මනියෙන් කැනගත් භාණ්ඩ හඳුනාගැනීමට එන අය ගැන උසාවියේ අවධානය

T

The Leader Desk

August 4, 2025 • 12:13 PM

චෙම්මනියෙන් කැනගත් භාණ්ඩ හඳුනාගැනීමට එන අය ගැන උසාවියේ අවධානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) නීතිඥ පූරණී ජෝසප් මරියනායගම් පවසන්නේ සිය කාර්යාලය විසින් අධිකරණයෙන් කළ එම ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේයැයි යාපනය මහේස්ත්‍රාත්වරයා පැවසු බවයි.
  • ඒ සම්බන්ධයෙන් තමන් අවධානය යොමු කරන බව ගරු විනිශ්චයකාර තුමා දැනුම් දුන්නා.” චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.
  • පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එලෙස ගොඩ ගන්නා ලද පාරිහාරික භාණ්ඩ ප්‍රමාණය 50 ට අධික බවයි.
  • යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජාගේ නියෝගය පරිදි 2025 අගෝස්තු 5 වැනිදා පස්වරු 1.30 සිට හවස 5 වන තෙක් සිත්තුපාත්ති සමූහ සුසාන භුමියේ දී එම සමූහ සුසානයෙන් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු මහජනතාවට ප්‍රදර්ශනය කිරීමේදී ප්‍රමුඛත්වය හිමිවන්නේ අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ටයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) නීතිඥ පූරණී ජෝසප් මරියනායගම් පවසන්නේ සිය කාර්යාලය විසින් අධිකරණයෙන් කළ එම ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේයැයි යාපනය මහේස්ත්‍රාත්වරයා පැවසු බවයි.

"එන උදවියට දීම සඳහා කෑම, බීම වගේම මනෝ වෛද්‍ය උපදේශන දීමත් අත්‍යාවශ්‍යයි කිව්වා. සමහරවෙලාවට, එන උදවිය තමන්ගේ මියගිය නෑදෑයන්ගේ පාරිහාරික භාණ්ඩ දැක්කට පස්සේ මනෝ වෛද්‍ය උපදේශන සහ වෛද්‍ය උපකාර දෙන්න අවශ්‍ය උනොත් ඒ සඳහාත් පියවර ගත යුතුයි කියා අපි අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙනුවෙන් ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් තමන් අවධානය යොමු කරන බව ගරු විනිශ්චයකාර තුමා දැනුම් දුන්නා.”

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එලෙස ගොඩ ගන්නා ලද පාරිහාරික භාණ්ඩ ප්‍රමාණය 50 ට අධික බවයි.

යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජාගේ නියෝගය පරිදි  2025 අගෝස්තු 5 වැනිදා පස්වරු 1.30 සිට හවස 5 වන තෙක් සිත්තුපාත්ති සමූහ සුසාන භුමියේ දී  එම සමූහ සුසානයෙන් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු මහජනතාවට ප්‍රදර්ශනය කිරීමේදී ප්‍රමුඛත්වය හිමිවන්නේ අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ටයි.

 

අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ  (OMP) නීතිඥ පූරණී ජෝසප් මරියනායගම් සදහන් කරන්නේ පාරිහාරික වස්තුන් හදුනාගැනීමට පැමිණෙන වින්දිතයන්ට වඩාත් හොදින් එම පාරිහාරික වස්තුන් දැකගැනීමට හැකි ආකාරයෙන් එම දැනුම්දීම සිදු කිරීමට තිබුනේය යන්න අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය අධිකරණයට දැනුම් දුන් බවයි.  

 

"මහජනතාවට වඩාත් හොඳින් දැනගන්න පුළුවන් විදියට මේ පිළිබඳව දැනුම් දෙන්න තිබුණාය කියන අපේ ස්ථාවරය අපි ඉදිරිපත් කළා. කෙසේවෙතත්, මේක භාණ්ඩ ප්‍රදර්ශනවල පළමු අදියර කියලා විනිශ්චයකාර තුමා පෙන්වා දුන්නා. මේ කැනීම් කටයුතුවල දින 45 ගතවුණාට පස්සෙත්, මේ ගොඩගන්නා පාරිහාරික භාණ්ඩ නිසියාකාරව ප්‍රදර්ශනය කළොත් පොදු ජනතාවට දැනගන්න පුළුවන් විදියට තොරතුරු බෙදා හදා ගන්න පුළුවන් වේවි කියලත් විනිශ්චයකාරතුමා අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයට කියා සිටියා.”

ඇය තව දුරටත් කියා සිටියේ සමුහ සුසානයෙන් ගොඩ ගෙන ඇති පාරිහාරික වස්තුන්වල ඡායාරූප ප්‍රදර්ශනය කරන්නේනම් එය වඩාත් යහපත් බවත් අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය අධිකරණයට දැනුම් දුන් බවයි.

"මහජනතාවට හොඳට එන්න යන්න පුළුවන් තැනක මේ භාණ්ඩ ප්‍රදර්ශනයට තිබ්බා නම් වඩාත් යහපත් කටයුත්තක් කියන කාරණය අප විසින් මෝසමෙන් ඉදිරිපත් කරනු ලැබුවා. එතකොට සාක්ෂි හැටියට පාවිච්චි කරන්න පුළුවන් ඒ රෙදි කෑලි වගේ දේවල්වලට අමතරව ඊට අදාළ පින්තූරත් ප්‍රදර්ශනය කරනවානම් තවත් හොඳයි කියන එකත් අපි ප්‍රකාශ කළා.

සිත්තුපාත්ති සමූහ සුසාන භුමියෙන් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු වින්දිතයන්ට ප්‍රදර්ශනය කරන අවස්ථාවේදී නිලධාරිනියන් වැඩි දෙනකු  සහභාගී කරවා ගැනීමේ අවශ්‍යතාවයද අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පෙන්වා දී ඇත.

"ඒ වගේම, දෙමළ කතා කරන්න පුළුවන් නිලධාරීනුත්, දෙමළ කතා කරන්න පුළුවන්කම තියෙන විෂය ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් තියෙන අයත් භාණ්ඩ ප්‍රදර්ශනය කරන තැන යොදාගන්න එකත් බලන්න එන අයට වගේම, මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න එන අයටත් විශාල උපකාරයක් වේවි කියලත් අපි කරුණු දැක්වුවා.”

ගොඩගන්නා ලද භාණ්ඩ ප්‍රදර්ශනයට වින්දිතයන් සහභාගී වන අවස්ථාව රූගත කිරීමට ජනමාධ්‍යවේදීන්ට අධිකරණ අවසරයක් නැත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...