The Leader News
BREAKING
Top Ad
පුවත්

ආණ්ඩුවට අවශ්‍ය මේ රට තව දුරටත් අපරාධ රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යන්න ද...? - එස්. එම්. මරික්කාර්

T

The Leader Desk

October 28, 2025 • 3:47 AM

 ආණ්ඩුවට අවශ්‍ය මේ රට තව දුරටත් අපරාධ රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යන්න ද...? - එස්. එම්. මරික්කාර්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙලෙස විමසුවේ පසුගිය 26වන දින සමගි ජන බලවේගය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
  • වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය සම්බන්ධව හරි සොයා බැලීමකින් තොරව මහජන ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අපි දකින්නේ, ආණ්ඩුවේ ප්‍රකාශයක් විදිහට.
  • ඒක පෞද්ගලික ප්‍රකාශයක් කියලා අපි ගන්නේ නැහැ.
  • ඇත්ත වශයෙන්ම එතුමාගේ කතාව හරියට අහං හිටියහම එතුමා කරුණු කීපයක් කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙලෙස විමසුවේ පසුගිය 26වන දින සමගි ජන බලවේගය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර්...


පාතාල ගැටුම් සිද්ධ කරන්න දීලා ආණ්ඩුව බලාගෙන ඉන්නවා

''අද මේ ආණ්ඩුව බැලූ බැලු අත සියලු දේ අනාගෙන ඉන්නේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය සම්බන්ධව හරි සොයා බැලීමකින් තොරව මහජන ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අපි දකින්නේ, ආණ්ඩුවේ ප්‍රකාශයක් විදිහට. ඒක පෞද්ගලික ප්‍රකාශයක් කියලා අපි ගන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම එතුමාගේ කතාව හරියට අහං හිටියහම එතුමා කරුණු කීපයක් කියනවා. පළවෙනි එක ඔහු කියනවා මොහු පාතාල ක්‍රියාකාරිකයෙක් කියලා.  ඔහු පාතාල ක්‍රියාකාරිකයෙක්නම්, ඔහුව අත් අඩංගුවට ගෙන නොතිබ්බේ ඇයි ? පළවෙනි ප්‍රශ්නය.

දෙවෙනි එක පාතාල පාතාල ගැටුම් සිද්ධ වෙනවලු. ඒ කියන්නේ ආණ්ඩුව එහෙම ගැටුම් සිද්ධ වෙන්න දීලා බලාගෙන ඉන්නවා එතකොට. එහෙම වෙඩි කියලා මරලා දාන එක ප්‍රශ්නයක් නෑ වගේ කතාවක් තමයි කියන්නේ. එතුමාගේ කතාවෙදි හැඟෙන ඊළඟ කාරණය තමයි මේ ආණ්ඩුව ආවායින් පස්සේ අවුරුද්දක කාලයක් තුළ වෙඩි තැබීම් එකසිය ගාණක් සිද්ධ වෙලාතියෙනවා. මිනීමැරුම් පනස් ගාණක් සිද්ධ වෙලා තියෙනවා. අපරාධ රාජ්‍යයක් ලෙස ඔවුන් විසින් හඳුන්වනු ලැබූ මේ රට තවදුරටත් අපරාධ රාජයක් ලෙස පවත්වාගෙන යෑමද ඔවුන්ගේ බලාපොරොත්තුව?


මහජන නියෝජිතයකුට ආරක්‍ෂාව ලබාදෙන්න බැරි ආණ්ඩුවක්

අපිට මතකයි විපක්ෂයේ ඉන්නකොට ජනාධිපතිතුමා කිව්වා කෙනෙක් මියගියායින් පස්සේ ඔහුගේ අතීතය ගැන කතා කරල වැඩක් නෑ කියලා. පොලිසිය භාර ඇමතිවරයාගේ මූලික කාර්යභාරය වෙන්නේ මොකක්ද? මහජන නියෝජිතයෙක්ව රාජකාරි කරන වෙලාවේ රාජකාරී ස්ථානයේ දී වෙඩි තබා ඝාතනය කරලා තියෙනනවා. එතකොට ඒ අපරාධකරුවන් කවුද කියලා හොයා ගන්න එක විනා මොහු ඇවිල්ලා ඒ වෙඩිතැබීම සාධාරණීකරණය කරන එක සාධාරණද?

අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් මේ අඩුම කුඩුම එකතු කරගෙන සභා පිහිටුවන්නේ නැහැ කියපු කට්ටිය, පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, unp එකේ හිටපු, SJB එකේ හිටපු, පොහොට්ටුවේ හිටපු කට්ටිය එකතු කරගෙන සභා පිහිටවන්න ඒගොල්ලො හොඳ කරගත්තා. මෙච්චර කල් හොරු හොරු කියපු කට්ටියව හොඳ කරගත්තා. එහෙම පිහිටුවද්දී මේ වැලිගම සභාව වර්තමාන ආණ්ඩුවට මාලිමාවට කොහොම හරි ගන්ඩ උවමනාවක් තිබ්බා. මොන විදිහෙන්වත් දෙන්නේ නැහැ කිව්වා වැලිගම සභාව විපක්ෂයට. එහෙම කියපු සභාව තමයි මේ සභාපතිවරයා විපක්ෂයේ සියලුම කණ්ඩායම් ඒකරාශී කරලා ස්වාධීන කණ්ඩායම් ඒකරාශී කරලා බලය ගත්තා. එතකොට ඔහු ඝාතනය වීම තුළ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. මම දැක්කා මාධ්‍යයේ තියෙනවා ඔහු ආරක්ෂාව ඉල්ලලා තිබෙනවා ඔහුට තර්ජනයක් තිබෙනවා කියලා. ඒක සම්බන්ධව ගත්තු පියවරක් නැහැ. මහජන නියෝජිතයකුට ආරක්‍ෂාව ලබාදෙන්න බැරි ආණ්ඩුවක් මහජනතාවගේ ආරක්ෂාව ලබා දෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්.


බංකු හැංගිලා; දැන් ඔහු හොයාගන්නත් නෑ


පාර්ලිමේන්තුවේ ඉස්සරහ පේළියේ ඉන්නවා 88/89 කාලයේ මිනී මැරුම් සම්බන්ධව චෝදනා ලබපු අය. අපි කියන්නේ නැහැ ඔවුන්ව මරන්න කියලා. පාර්ලිමේන්තුවේ ඉස්සරහ පේලියේ ඉන්නවා අරගලය වෙලාවේ දී පාර්ලිමේන්තුව ගිනි තියන්න කියපු කට්ටිය. අපි කියන්නේ නීතිය යුක්තිය නීතියේ ක්‍රමයට සාධාරණව කරන්න කියලා. ඒ නිසා අපි මේ ප්‍රකාශය තරයේ හෙලා දකිනවා. මේ උද්දච්චකම,  උන්මන්තකකම නිසා අද රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළලා තියෙනවා. 

 
මම බංකුවක් ලෑස්ති කරගෙන ඉන්නවා ආරක්ෂක ඇමතිවරයාගෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධව lesson  එකක් ගන්න. බංකු හැංගිලා; දැන් හොයාගන්න නෑ. ඕන නම් නුගේගොඩ වැලි පාක් එකේ දාන්න කියන්න. අපි ඔක්කොම බංකු ටික අරගෙන ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා. එයාට ඇවිල්ලා lecture  එකක් දෙන්න කියන්න.


ආණ්ඩුවේ උද්දච්ච ඇමතිවරයා


ඒ වගේම දැන් මණ්ඩලයේ කචල් එක තව වැඩි වෙලා. තව එක උද්දච්ච ඇමතිවරයෙක් ඉන්නවා. බලශක්ති ඇමතිවරයා. විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණය පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටෙව්වා මේ ආණ්ඩුව ආවායින් පස්සේ. එතකොට ඒකේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදියට මාලිමාවේ JVP එකේ ඉංජිනේරු යූනියන් එකේ කෙනෙක්ව තමයි පත් කෙරුවේ. දැන් ඔහුගේ කාලය අවසන් වුණා පහුගිය පාළොස්වැනිදා. අමාත්‍යංශ ලේකම්වරයා ඔහුගේ පත්වීම නැවත දික් කරලා. 
 
එතකොට ඇමතිවරයා ලේකම්ට බැනලා ගහනවා ලියුමක්. Your letter dated 15.10.2025 with regard to appointment of  the director general of the PSRS claims that I as the Minister of Energy , granted you approval to act upon such appointment . I have not granted you such an approval. A claim of such an approval is a gross misrepresentation. 
 
මාලිමාවේ ජේවිපී එකේ ඉංජිනේරු සංගමයේ ප්‍රධානියෙක් වෙච්ච විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ පත්කිරීම දික්කරපු එකට මාලිමා ආණ්ඩුවේ ඇමතිවරයා ම ලේකම්වරයාට දෝෂාරෝපණය කරන ලිපිය මෙන්න. මේ තව උද්දච්ච ඇමතිවරයෙක්.
enragy
ජනපතිතුමනි..., මේ ඩීල් එක සොයා බලන්න


අපේ රටේ වැඩිහිටියෝ ස්මාට් ෆෝන් පාවිච්චි කරන්නේ නෑ. ඒ අය පාවිච්චි කරන්නේ රුපියල් 3000 -4000 ෆෝන් එක. මේ අයගේ වයසත් එක්ක sms කියවන්නත් අමාරුයි. විදුලි බල මණ්ඩලයෙන් බිල් ඇවිල්ල ගෙව්වේ නෑ කියලා කරන්ට් කපාගෙන යනවා පෝලිමේ. ඉතින් අපි කිව්වා යම් කාලයක් යනකං රිමයින්ඩර් එකක් දෙන්න පුළුවන්ද දුරකථන ඇමතුමකින් කියලා. එහෙම දෙන්න බෑ. අඩු ගානෙ සලකා බලන්නම් කියලාවත් කියන්න හැකියාවක් නැති අමැතිවරයෙක්.

මේ ඇමතිවරයාගේ යටතේ තියෙන ලංකා කෝල් කම්පනි එකෙන් ගල් අඟුරු ටෙන්ඩර් එකක් දැන් යනවා. මම දන්න තරමට තාම ඒකට අනුමැතිය දීලා නෑ. යටිතල පහසුකම් ආංශික අධීක්ෂණ කාරක සභාවට ගෙන්නුවා. එතකොට තෝරගෙන තියෙන සමාගම, මීට පෙර ලංකා සතොස ආයතනයට හාල් සප්ලයි කරනවා කියලා පොල්ල තියපු ආයතනයක්. එහි දේශීය නියෝජිතවරයා,  හරීන් ෆර්නෑන්ඩුට අල්ලස් දෙන්න ගිහින් අවුරුදු 7ට ICC එකේ ක්‍රිකට් තහනමට ලක්වෙච්ච පුද්ගලයෙක්. මෙන්න ගනුදෙනු කරන කට්ටිය.    

හිටපු සභාපතිවරයා ටෙන්ඩර් එකේ මූලික පසුබිම ඔක්කොම සකස් වුණාට පස්සේ අයින් වෙනවා. අපි හිතනවා ජනාධිපතිතුමා මේක ඇතුළෙ තියෙන ඩීල් එක ගැන හොයලා බලයි කියලා. හොයලා බලලා අනුකමිටුවක් දාලා මේක වෙන්න දෙන්න එපා. රුපියලක්වත් හොරකම් කරන්නේ නෑ කියන ආණ්ඩුවට රුපියලක්වත් නාස්ති කරන්නත් බැහැ. රුපියලක්වත් අපතෙ යවන්නත් බැහැ.


පුළුවන් නම් පළාත් සභා දිනල පෙන්වන්න


දැන් අපිට ආරංචි විදියට පළාත් සභා තියන්නෙත් නැහැලු. මොකද සමූපකාර ඡන්ද පෝලිමේ පරදිද්දී ඒක සීරියස් ගත්තෙ නැති ආණ්ඩුවට දැන් තමයි තේරිලා තියෙන්නේ. ඒනිසා පළාත් සභා ඡන්දය තියන්නේ නැහැ පරදී කියන බයට. අපි කියනවා ආණ්ඩුවට ඔබ හැමවෙලේම පාර්ලිමේන්තුවේ ජන මතය ජනමතය ජනවරම ගැන කියලනෙ කියන්නේ. ඉතින් ජනවරම උරගා බලන්න.

එන්න කලින් කිව්වෙ මාස හයකට ආණ්ඩුව දෙන්න කියලා. දැන් මාස හයේ ඒවා දෙකකටත් වඩා දීලා තියෙන්නේ. එනිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් ලබන අවුරුද්දේ පළවෙනි කාර්තුවේ පළාත් සභා ඡන්දය තියන්න.

ලංකාවේ දහදාස් ගාණක් ඉස්කෝල තිබුනට තුන්සියයකට ආසන්න ගාණක් තමයි ජාතික පාසල්. ඉතුරු නම දහස් ගාණ ම මේ පළාත් සභා යටතේ ක්‍රියාත්මක වෙන්නේ. මහ රෝහල් හැර ඉතුරු සියලු රෝහල් ක්‍රියාත්මක වෙන්නේ පළාත් සභා යටතේ. ලංකාවේ සියලුම නගර සභා ප්‍රාදේශීය සභා මහ නගර සභා පාලනය වෙන්නේ පළාත් සභාව යටතේ. එනිසා ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන ගොඩක් දේවල් පාලනය වෙන්නේ මෙතන. කුණු අයින් කරන එක මදුරුවන්ට තෙල් බේත් කරන එක ගමේ අතුරු පාරක් හදන එක ළමයා යන ඉස්කෝලේ , ඊගාවට ලෙඩක් උනාම බෙහෙත් ගන්න තියෙන තැන, මේ වගේ එදිනෙදා ජීවිතයට බලපාන ගොඩක් දේවල් පාලනය වෙන්නේ මෙතන.

එතකොට ආණ්ඩුකාරවරයා කියන ජනාධිපති පත්කරන තනි පුද්ගලයෙක් මිනිසා විශාල බලයක් ක්‍රියාත්මක කරන එක පරිපාලනය අකාර්යක්ෂම වෙන්න හේතුවක්. මහජනතාවට වග කියන මහජන නියෝජිතයන් හරහා තමයි ඒක පාලනය වෙන්න ඕන. ඒ නිසා මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පරිපාලන බෙදීයෑම හරහා ලැබෙන්න තියෙන දේවල් ලබාදීම සඳහා මේ පළාත් සභා ඡන්දේ තියන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...