විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ එච්.පී. නිරෝෂන් ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල විසින් පසුගියදා 15 වෙනිදා කටයුතු කරමින් ඔහු වෙත ලිපියක් නිකුත් කර තිබුණි.
පසුගිය ඔක්තෝබර් 15 වැනිදා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල විසින් ලිපියක් යොමු කරමින් එච්.පී නිරෝෂන් වෙත දන්වා ඇත්තේ, විදුලිබල අංශ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ඔහුගේ ධුර කාලය එළැඹෙන වසරේ ජුනි 26 වෙනිදා දක්වා දීර්ඝ කළ බවය.
ඒ සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අනුමැතිය ලබා දී ඇති බවත් ලේකම්වරයා සිය ලිපිය මඟින් අධ්‍යක්ෂ ජනරාල් නිරෝෂන් වෙත දන්වා යවා තිබුණි.
කෙසේ වෙතත් මෙම ලිපිය සම්බන්ධව පසුගිය 22 වැනිදා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් ලිපියක් යොමු කරමින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම අවලංගු කරන ලෙසයි.
අදාළ ලිපිය මඟින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, තමන් විසින් අදාළ පත් වීම සඳහා කිසිදු ලෙසකින් අනුමතියක්ද ලබා දී නොමැති බවය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම අවලංගු කරන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබේ.
අදාළ ලිපිය මඟින් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ ද එවැනි දීර්ඝ කිරීමක් සඳහා අනුමතිය ඉල්ලා සිටීමද වැරදි නිරූපණයක් ඇති කරන්නක් වන බවය.
මේ හේතුවෙන් පසුගිය 15 වැනිදා නිකුත් කර ඇති එම ලිපිය ඇතුළුව අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගන්නා ලෙසද බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ලේකම්වරයාට සිය ලිපියක් මඟින් දන්වා යවමින් නියෝග කර ඇත.
අභ්‍යන්තර ගැටුම කරලියට
අමාත්‍යවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා අතර කාලයක් පුරා පවතින අභ්‍යන්තර ගැටුම කරලියට පැමිණි මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරයක් ලබාදී ඇති අතර පෙරේදා (26) පැවති මාධ්‍ය හමුවකදී සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්.එම්. මරික්කාර් මෙසේ අදහස් දැක්විය.
අධ්‍යක්ෂ ජනරාල්ගේ පත්කිරීම දික්කරපු එකට ඇමතිවරයා ලේකම්වරයාට දෝෂාරෝපණය කරන ලිපිය මෙන්න
''දැන් මණ්ඩලයේ කචල් එක තව වැඩි වෙලා. තව එක උද්දච්ච ඇමතිවරයෙක් ඉන්නවා. බලශක්ති ඇමතිවරයා. විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණය පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටෙව්වා මේ ආණ්ඩුව ආවායින් පස්සේ. එතකොට ඒකේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදියට මාලිමාවේ JVP එකේ ඉංජිනේරු යූනියන් එකේ කෙනෙක්ව තමයි පත් කෙරුවේ. දැන් ඔහුගේ කාලය අවසන් වුණා පහුගිය පාළොස්වැනිදා. අමාත්‍යංශ ලේකම්වරයා ඔහුගේ පත්වීම නැවත දික් කරලා.
එතකොට ඇමතිවරයා ලේකම්ට බැනලා ගහනවා ලියුමක්. Your letter dated 15.10.2025 with regard to appointment of the director general of the PSRS claims that I as the Minister of Energy , granted you approval to act upon such appointment . I have not granted you such an approval. A claim of such an approval is a gross misrepresentation.
මාලිමාවේ ජේවිපී එකේ ඉංජිනේරු සංගමයේ ප්‍රධානියෙක් වෙච්ච විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ පත්කිරීම දික්කරපු එකට මාලිමා ආණ්ඩුවේ ඇමතිවරයාම ලේකම්වරයාට දෝෂාරෝපණය කරන ලිපිය මෙන්න. මේ තව උද්දච්ච ඇමතිවරයෙක්.''
ජනාධිපති දක්වා දුරදිග ගිය අර්බුදය !
මේ අතර විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එච් පී නිරෝෂන් ගේ සේවා කාලය අවසන් කිරීමට බලශක්ති අමාත්‍යවරයා ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලයේද විශේෂ අවදානයට ලක්ව තිබු බව වාර්තාවේ.
ඒ අනුව පසුගිය ඉරිදා අමාත්‍යවරයාත්, අමාත්‍යංශ ලේකම්වරයාත්, විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇති ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමෙන් පසු එච් පී නිරෝෂන් ගේ සේවා කාලය දීර්ග කරනලෙස බලශක්ති අමාත්‍යවරයා දැනුම්දී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.




