මෙම අභියාචනා, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (ඔක්තොබර් 28 වැනිදා) කැඳවනු ලැබිණි.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ මෙම නඩුකරයට අදාළ නඩු ගොනු තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව ය.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නලින් ලද්දුවහෙට්ටි සහ අලි සබ්රි යන ජනාධිපති නීතිඥවරුන් ද අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරයට අදාළ ගොනු මේ දක්වා තමන්ටද ලැබී නොමැති බව ය.
අනතුරුව ඒ කෙරෙහි අවධානය යොමු කළ අගවිනිසුරුවරුයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල අදාළ ගොනු කඩිනමින් පෙත්සම්කාර අභියාචක පාර්ශවයට හා අල්ලස් කොමිසමට ලබාදෙන ලෙස අධිකරණ නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.
ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා 2026 ජනවාරි මස 20 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේ ය.
මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී සිරගතව සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු බන්ධනාගාර නිලධාරීන් විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් ආනයනය කර එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාල වලට බෙදා හැරීම තුළින් රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට පාඩු සිදු කිරීම හරහා දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වරදකරු කෙරුණු හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් සහ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25ක් සිර දඬුවම් නියම කර තිබිණි.
එම දඩුවම් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරු මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
| බීබීසී සිංහල
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අභියාචනා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි
T
The Leader Desk
October 28, 2025 • 9:25 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙම අභියාචනා, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (ඔක්තොබර් 28 වැනිදා) කැඳවනු ලැබිණි.
- එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ මෙම නඩුකරයට අදාළ නඩු ගොනු තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව ය.
- විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නලින් ලද්දුවහෙට්ටි සහ අලි සබ්රි යන ජනාධිපති නීතිඥවරුන් ද අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරයට අදාළ ගොනු මේ දක්වා තමන්ටද ලැබී නොමැති බව ය.
- අනතුරුව ඒ කෙරෙහි අවධානය යොමු කළ අගවිනිසුරුවරුයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල අදාළ ගොනු කඩිනමින් පෙත්සම්කාර අභියාචක පාර්ශවයට හා අල්ලස් කොමිසමට ලබාදෙන ලෙස අධිකරණ නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



