The Leader News
BREAKING
Top Ad
පුවත්

මහ බැංකුවේ ව්‍යවහාර මුදල් වැඩිදියුණු කරන්න ආයතනයක්

T

The Leader Desk

October 28, 2025 • 2:57 PM

 මහ බැංකුවේ ව්‍යවහාර මුදල් වැඩිදියුණු කරන්න ආයතනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම පිණිස ආයතනයක් තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
  • ඒ අනුව, අදාළ ප්‍රසම්පාදනය සඳහා ද්විත්ව අදියර ලංසු තැබීමේ ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවා ඇති අතර, ආයතන හතරක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම ඉදිරිපත් කර තිබේ.
  • එකී අභිලාෂ ප්‍රකාශ කිරීම් ඇගයීමේ ක්‍රියාවලියෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ සුදුසුකම් සපුරා තිබූ Giesecke & Devrient Asia Pacific Limited, Hong Kong වෙතින් යෝජනා කැඳවා ඇත.
  • එම ආයතනය විසින් ඉදිරිපත් කරන ලද තාක්ෂණික සහ මූල්‍ය යෝජනා ඇගයීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමේ ප්‍රසම්පාදනය එකී ආයතනය වෙත පිරිනැමීම ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම පිණිස ආයතනයක් තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, අදාළ ප්‍රසම්පාදනය සඳහා ද්විත්ව අදියර ලංසු තැබීමේ ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවා ඇති අතර, ආයතන හතරක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම ඉදිරිපත් කර තිබේ.

එකී අභිලාෂ ප්‍රකාශ කිරීම් ඇගයීමේ ක්‍රියාවලියෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ සුදුසුකම් සපුරා තිබූ Giesecke & Devrient Asia Pacific Limited, Hong Kong වෙතින් යෝජනා කැඳවා ඇත.

එම ආයතනය විසින් ඉදිරිපත් කරන ලද තාක්ෂණික සහ මූල්‍ය යෝජනා ඇගයීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමේ ප්‍රසම්පාදනය එකී ආයතනය වෙත පිරිනැමීම ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත.

එකී නිර්දේශය මත පදනම්ව අදාළ ප්‍රසම්පාදනය Giesecke & Devrient Asia Pacific Limited, Hong Kong Om ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(lankadeepa | අංජුල මහික වීරරත්න)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...