වාර්තාව භාර දිය යුතු දින සිට මාසයක් හෝ ඊට අඩු කාලයක් ප්‍රමාද වුවහොත් දීමනාවෙන් සියයට 75ක්ද, මාසයකට වැඩි මාස 02ක් හෝ ඊට අඩු කාලයකට දීමනාවෙන් සියයට 60ක් ද, මාස දෙකකට වැඩි මාස 03ක් හෝ ඊට අඩු කාලයකට දීමනාවෙන් සියයට 50ක් ලබා දෙන බව ද එමගින් අවධාරණය කර ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝකබණ්ඩාර අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මෙම චක්‍රලේඛය යොමුකර තිබේ.
2014.05.30 දිනැති 14/2014 චක්‍රලේඛයේ දැක්වෙන ගෙවීම් සංශෝධනය කරමින් නව චක්‍රලේඛය නිකුත් කර ඇත.
මූලික විමර්ශන වාර්තාව නියමිත කාලයේ ඉදිරිපත් කරන ද්විතීයික/තෘතීයික මට්ටමේ නිලධාරියෙකුට රුපියල් 3,000ක් හා විධායක/ජ්‍යෙෂ්ඨ විධායක මට්ටමේ නිලධාරියෙකුට රුපියල් 4,000ක්ද ලබා දෙන බව එහි සඳහන් ය.
එසේ ම, නියමිත කාලය තුළ චෝදනා පත්‍ර කෙටුම්පත් පිළියෙල කර ඉදිරිපත් කරන ද්විතීයික/ තෘතීයික මට්ටමේ නිලධාරීයෙකුට මෙන් ම විධායක/ජ්‍යෙෂ්ඨ විධායක මට්ටමේ නිලධාරීයකුට රුපියල් 1000ක් බැගින් ලබා දීමට නව චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී ඇත.
මූලික විමර්ශන නිලධාරියෙකු මෙම දීමනා ලබා ගැනීමට අවසන් වාර්තාව සමග පෞද්ගලික හා කාර්යාලීය තොරතුරු ඇතුළත් ජ’නලයක් සම්පූර්ණ කර අදාළ බලධාරීයාට අනිවාර්යෙන් ඉදිරිපත් කළ යුතු බව ද එහි දැක්වෙයි.
මෙම දීමනාවලට අමතරව මූලික විමර්ශන නිලධාරියෙකුට රජයේ සේවයේ දරන තනතුර පදනම් කරගෙන ආයතන සංග්‍රහයේ විධිවිධානයන්ට අනුකූලව ගමන් වියදම් හා සංයුක්ත දීමනා ලබා ගැනීමට හිමිකම් ඇතැයිද චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
මූලික විමර්ශන නිලධාරියෙකු ලෙස යොදවන විශ්‍රාමික නිලධාරීන්ට චක්‍රලේඛයේ විධිවිධාන අනුව ගෙවීම් කළ හැකි බව ත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබන විට එම නිලධාරීන් දැරූ තනතුර පදනම් කරගෙන ආයතන සංග්‍රහයේ විධිවිධානයන්ට අනුකූලව ගමන් වියදම් සංයුක්ත දීමනා ලබා ගැනීමට හිමිකම් ඇතැයි ද එහි දැක්වෙයි.
(mawbima | Amith Maduranga Gamage)




