The Leader News
BREAKING
Top Ad
පුවත්

කැබිනට් සංශෝධනයෙන් පසු ඇමති බිමල් යළි කරලියට !

T

The Leader Desk

October 29, 2025 • 7:19 AM

කැබිනට් සංශෝධනයෙන් පසු ඇමති බිමල් යළි කරලියට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්තානය ආරම්භ කෙරෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ අයවැය යෝජනාවක් හා ප්‍රවාහන අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘතියක් අනුව ය.
  • මෙම ව්‍යාපෘතිය මගින් දැනට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී සිදුවන නාස්තිය අවම කරගැනීමට හැකි වන බවද භාණ්ඩ ප්‍රවාහනය සහ භාණ්ඩ ගබඩා කරන ස්ථාන පිළිබඳව පවතින ගැටලු සදහා විසදුම් ලබාදීමටද මෙයින් අදහස් කෙරේ.
  • මෙම ව්‍යාපෘතිය තුළින් උතුර, උතුරු මැද, වයඹ, නැගෙනහිර ආදී ප්‍රදේශවල ඇති භාණ්ඩ, යෝජිත බහු ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත දුම්රියෙන් රැගෙන ඒමට කටයුතු කෙරෙන බවද මෙහිදි අදහස් දැක්වූ ප්‍රවාහන හා මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සදහන් කලේය.
  • මෙම ව්‍යාපෘතිය සඳහා සක්‍යතා අධ්‍යයනය කිරීම සඳහා සුදුසුකම් ඇති ආයතනයකට පැවරීමට නියමිත බවද මෙහීදි අනාවරණය විය.
අකුරු ප්‍රමාණය (Font Size):


වේයන්ගොඩ දුම්රිය ස්ථානය, සහ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් ගබඩා භූමිය උපයෝගී කරගනිමින් කොළඹ වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ යෝජිත බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක් ඊයේ (28) ප්‍රවාහන හා මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

මෙම බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්තානය ආරම්භ කෙරෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ අයවැය යෝජනාවක් හා ප්‍රවාහන අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘතියක් අනුව ය.

මෙම ව්‍යාපෘතිය මගින් දැනට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී සිදුවන නාස්තිය අවම කරගැනීමට හැකි වන බවද  භාණ්ඩ ප්‍රවාහනය සහ භාණ්ඩ ගබඩා කරන ස්ථාන පිළිබඳව පවතින ගැටලු සදහා විසදුම් ලබාදීමටද මෙයින් අදහස් කෙරේ.

 

මෙම ව්‍යාපෘතිය තුළින් උතුර, උතුරු මැද, වයඹ, නැගෙනහිර ආදී ප්‍රදේශවල ඇති භාණ්ඩ, යෝජිත බහු ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත දුම්රියෙන් රැගෙන ඒමට කටයුතු කෙරෙන බවද මෙහිදි අදහස් දැක්වූ  ප්‍රවාහන හා මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සදහන් කලේය.

 

කොළඹට ආසන්නව වේයන්ගොඩ දුම්රිය ස්ථානය පිහිටා ඇති නිසා මෙම ව්‍යාපෘතිය වඩාත් සාර්ථක කර ගැනීමට හැකියාව ඇත්තේ දුම්රිය ස්ථානය ආසන්නයේම පිහිටා ඇති ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් ගබඩා සංකීර්ණය මේ සදහා භාවිත කිරීමට හැකි බැවින් වන අතර මෙම ව්‍යාපෘතිය යටතේ රැගෙන එන භාණ්ඩ අපනයනය කිරීමටත්, දේශීය වශයෙන් බෙදා හැරීමටත්,  නිදහස් වෙළඳ කලාප සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයා ගැනීමටත් හැකියාව පවතින බවද මෙහිදි හෙලිවිය. මෙම ව්‍යාපෘතිය සඳහා සක්‍යතා අධ්‍යයනය කිරීම සඳහා සුදුසුකම් ඇති ආයතනයකට පැවරීමට නියමිත බවද මෙහීදි අනාවරණය විය.

1990 දශකයේදී පවා ආහාර ගබඩා පිහිටි බිමට දුම්රිය  ගමන් කර ඇති නමුත් පසු කාලීනව  දුම්රිය ධාවනය අතහැර දමා පවතින බවද හෙලිවිය.

මේ අවස්ථාවට එක්වූ දුම්රිය සාමාන්‍යධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය, ආහාර කොමසාරිස් ලාල් හේවා පතිරණ සහ ආගමික හා සංස්කෘති කටයුතු නියෝජ්‍ය අමාත්‍යය මුනිර්  මුලෆ්ර ද අදහස් දැක්වූ අතර වේයන්ගොඩ දුම්රිය ස්ථානාධිපති කීර්ති ප්‍රේමදාස දිසානායක, ආහාර දෙපාර්තමේන්තුවේ සහ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්, හා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝද එක්ව සිටියහ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...