The Leader News
BREAKING
Top Ad
පුවත්

ගොවියා රකිනවා කියූ වත්මන් රජය අද ගෝඨාභය මඟ අනුව යමින් ලොකු ලූණු මනින්නත් පටන් අරන්

T

The Leader Desk

October 29, 2025 • 3:14 PM

ගොවියා රකිනවා කියූ වත්මන් රජය අද ගෝඨාභය මඟ අනුව යමින් ලොකු ලූණු මනින්නත් පටන් අරන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එබව කියා සිටියේ වත්මන් රජය විසින් ලොකු ලූණු මිල දී ගැනීමේ දී දමා ඇති කොන්දේසි සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
  • ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව යටතේ රට පුරා යන ගමනේදී විලච්චි සහ ඇලහැර ප්‍රදේශයේ ලොකු ලූණු ගොවියන් හමුවූ අවස්ථාවේ ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ බවත් පසුගිය කන්නයේ රු.
  • ට දක්වා යූරියා මිටිය රු.9000 දක්වාත් ටී.එස්.පී.
  • සිට 12500 දක්වා වැඩි වී ඇති නිසා අක්කරයක වගා කටයුතු සදහා රු.
අකුරු ප්‍රමාණය (Font Size):

කිසිදු ප්‍රායෝගිකත්වයකින් තොරව ලොකු ලූණු මිල දී ගැනීමට රජය අමුතුම කොන්දේසි පනවා ඇති බවත් මෙහි දී රජය මිලදී ගන්නා ලොකු ලූණු කිලෝවකට ගෙඩි 8ක් තිබිය යුතු බවට අනිවාර්ය කර ඇති බවත් එම එක් ගෙඩියක් ග්‍රෑම් 125ක් ලෙස සහ ලොකු ලූණු ගෙඩියක විශ්කම්භයත් රජය කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය ඉදිරිපත් කර ඇති මේ කොන්දේසි දකින විට මතක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව මිල නියම කළ ආකාරය බවත් එදා ඒ දේ විවේචනය කරමින් විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම අද රාජ්‍ය බලය ලබා ගෙන ගෝඨාභය රාජපක්ෂගේ අඩිපාරේම යමින් මිල තීරණය කිරීම විහිලු සහගත ක්‍රියාවක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එබව කියා සිටියේ වත්මන් රජය විසින් ලොකු ලූණු මිල දී ගැනීමේ දී දමා ඇති කොන්දේසි සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මේ ආණ්ඩුවත් ගජමිතුරන් පිනවන ආණ්ඩුවක්

මේ කොන්දේසි ඉදිරිපත් කිරීම තුළ ලොකු ලූණු ගොවියාගෙන් ලොකු ලූණු මිල දී ගැනීම අවම කිරීමට යොදා ගත් උපක්‍රමයක් ලෙස මෙය දකින බවත් ලොකු ලූණු වෙනුවෙන් ආනයනික බද්දක් පනවා ලොකු ලූණු ගොවියාට ඉහළ මිලක් ලබා දෙනවා කියා රජය පුරසාරම් දෙඩුවාට බද්ද පනවන්න පෙර රජයට සම්බන්ධ ගජමිතුරන් හරහා ලොකු ලූණු ආනයනය කර ගබඩා කර ආනයනයකරුවන්ට වාසියක් ලබා දීමට රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව යටතේ රට පුරා යන ගමනේදී විලච්චි සහ ඇලහැර ප්‍රදේශයේ ලොකු ලූණු ගොවියන් හමුවූ අවස්ථාවේ ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ බවත් පසුගිය කන්නයේ රු. 7000ට දක්වා යූරියා මිටිය රු.9000 දක්වාත් ටී.එස්.පී. පොහොර රු. 9000 සිට 12500 දක්වා වැඩි වී ඇති නිසා අක්කරයක වගා කටයුතු සදහා රු. ලක්ෂ 5ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් මේ ගැටලු මැද වන සත්ව හානි කාලගුණික හානි ඇතුළු කරුණු කාරණා රැසක් නිසා ගොවියාගේ නිෂ්පාදනයට නිසි මිලක් නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය ගොවියාට වඩා ගජමිතුරු ආනයනකරුවන් ශක්තිමත් කරනවා

මෙවන් තත්ත්වයක් උඩ රජය ක්‍රියාත්මක කරන මේ ප්‍රතිපත්තිය මගින් පෙන්වා දෙන්නේ ගොවියාට වඩා ගජමිතුරු ආනයනකරුවන් සවිමත් කිරීමක් බවත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තිබුණේ ගොවියා සවිබල ගැන්වීම මිස ගොවියා විනාශ කිරීම නොවන නිසා වහාම ලොකු ලූණු ගොවියා වෙනුවෙන් සාධාරණත්වය ඉටු කරන ලෙසත් ලොකු ලූණු ගොවියා අනාථ කරන ප්‍රතිපත්ති නතර කර තමන්ගේම ශක්තිය තුළින් ජීවත් වීමේ අවස්ථාව නිර්මාණය කර දෙන ලෙසත් බොරු දේශපාලනය වංචාකාරී පච දේශපාලනය නවතා ලොකු ලූණු ගොවියා රැක ගන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  වැඩිදුරටත් පැවසීය.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...