මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අයවැය ඉදිරිපත් කරමින්

නාගරික සහ වතුකරයේ නිවාසවල අයිතිය එම පවුල්වලට ලබාදීමට ක්‍රියා කරන බවට කළ ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විමත් සමග කොළඹ ඇතැම් නිවාස සංකීර්ණවල ජනතාව විදි බස රතිඤ්ඤා දල්වමින්, රබන් ගසමින් ප්‍රීති ගෝෂා පවත්වා ඇතිබව වාර්තාවේ.

විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකොට අඩු ආදායම් පවුල්වලට රුපියල් 3,000 ක මාසික කුලිය මත ලබා දී ඇති නිවාස සඳහා කුලී අය කිරීම අත්හිටුවා එම නිවාසවල අයිතිය එම පවුල්වලට ලබාදීමට ක්‍රියා කරන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී පැවසිය.

2024 වර්ෂයේ දී පවුල් 50,000 කට ආසන්න සංඛ්‍යාවකට මෙම නිවාසවල අයිතිය ලබා දීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

වතුකරයේ ජීවත් වන පුද්ගලයින්ට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමි කර දීමේ ආරම්භක පියවර වශයෙන් රුපියල් බිලියන 4 ක් වෙන් කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරේ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්