The Leader News
BREAKING
එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●රුසියානු පර්යේෂිකාවගේ අභිරහස් මරණය: ලෝකයම තැතිගත් රහස●ප්‍රංශයේ සිසු විරෝධතා මැදට පැන සිසුන් රැකගත් නගර පාලකයා●ගමේ කඩේ ස්මාර්ට් කරන 'ව්‍යාපාර බලගන්වයි' වැඩසටහන●ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට●සතොස බිලියන ගණනින් ගිලගත් කළමනාකරණ අර්බුදය●
Top Ad
පුවත්

මාසයකට ඉහතදී දරුවකු මරා දැමු පොලිස් නිලධාරීන් තවමත් නිදැල්ලේ

T

The Leader Desk

March 13, 2026 • 3:35 AM

මාසයකට ඉහතදී දරුවකු මරා දැමු පොලිස් නිලධාරීන් තවමත් නිදැල්ලේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් මරුමුවට පත් සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයාස් 2008 නොවැම්බර් මස 09 වැනි දින උපත ලද්දකු බව ඔහුගේ උප්පැන්නයේ මෙන්ම මරණ පරීක්ෂණ වාර්තාවේ ද සඳහන් වේ.
  • මිය ගිය සැකකරු මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරියා විසින් දන්වා ඇති බවටත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙබරවාරි 11 වැනිදා පැය 0400 ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්ව තිබුනි.
  • සබැඳි පුවත් : ඔලුවට වෙඩිතබා දරුවකු මරාදැමු පොලිස් නිලධාරීන් නිදැල්ලේ: යාපනයේ විරෝධතාවක් වෙඩි තබා දරුවකු මැරූ බව යටපත් කිරීමට වෙර දරන පොලිස් මෙහෙයුමක් එළිවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලිස් වෙඩි පහරින් පෙබරවාරි 10 වැනිදා ඝාතනයට ලක් වු සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයස්ට යුක්තිය ඉල්ලා අල්ලපිඩ්ඩි පොලිස් ස්ථානය ඉදිරිපිටදී 2026 මාර්තු 10 වැනිදා දියත් කළ විරෝධතාවයට ඔහුගේ පවුලේ ඥාතීන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ද එක්ව සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

සිය පුතනුවන්ගේ රූපයක් බදාගෙන හඬා වැටෙන අරුල් ෆයස් මාතාව ද විරෝධයට එක්වී සිටිනු මාධ්‍යවේදීන්ගේ කැමරාවේ සටහන්ව තිබුණි.  

පොලිස් මාධ්‍ය කොට්ඨාසය 2026 පෙබරවාරි 11 වැනිදා  පැය 0400 ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව තිබුනේ පෙබරවාරි 10 වැනිදා පොලීසිය විසින් වෑන් රථයකට වෙඩි තැබීමෙන් මියගියේ 19 හැවිරිදි  වැඩිහිටියකු බවයි.

එහෙත් මරුමුවට පත් සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයාස් 2008 නොවැම්බර් මස 09 වැනි දින උපත ලද්දකු බව ඔහුගේ උප්පැන්නයේ මෙන්ම මරණ පරීක්ෂණ වාර්තාවේ ද සඳහන් වේ.

මිය ගිය සැකකරු මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරියා විසින් දන්වා ඇති බවටත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙබරවාරි 11 වැනිදා  පැය 0400 ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්ව තිබුනි.

එහෙත් වෙඩි පහරින් ඝාතනය වු දරුවාගේ සිරුරේ කිසිදු මත්ද්‍රව්‍යයක් තිබු බවක් මරණ පරීක්ෂණ වාර්තාවේ නොතිබීමෙන්, ‘මියගිය සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමේදී ඔහු අයිස් සහ හෙරොයින් භාවිතා කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරියා විසින් දන්වා ඇත,” යි පොලිස් මාධ්‍ය කොට්ඨාසය  විසින් පෙබරවාරි 11 වැනිදා කරන ලද නිවේදනය අභියෝගයට ලක්ව තිබේ.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුද්‍රපසුපති මයෝදරන් විසින් මහේස්ත්‍රාත් MNN හුසේන් වෙත 2026  පෙබරවාරි 10 දා යවන ලද මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ පොලිස් වෙඩිල්ලෙන් මරුමුවට පත් 17 හැවිරිදි ඇල්පිනෝ අරුල් ෆයාස් ගේ මරණයට හේතුව “රයිෆල් ගිනි අවියකින් පිටවූ උණ්ඩයකින් මෂ්තිෂ්කය විදාරණය වීම” බවයි.

සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයාස් ඝාතනයට කර මාසයක් ගත වී ඇතත් ඝාතනයට වග කිව යුත්තන් මෙතෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවට චෝදනා කළ විරෝධතා කරුවන් බලධාරීන්ට  බල කර තිබුනේ වැරදි කරුවන් වහා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

 

protest north 13

සබැඳි පුවත් :

ඔලුවට වෙඩිතබා දරුවකු මරාදැමු පොලිස් නිලධාරීන් නිදැල්ලේ: යාපනයේ විරෝධතාවක්

වෙඩි තබා දරුවකු මැරූ බව යටපත් කිරීමට වෙර දරන පොලිස් මෙහෙයුමක් එළිවේ

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාසයකට ඉහතදී දරුවකු මරා දැමු පොලිස් නිලධාරීන් තවමත් නිදැල්ලේ | The Leader