The Leader News
BREAKING
එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●රුසියානු පර්යේෂිකාවගේ අභිරහස් මරණය: ලෝකයම තැතිගත් රහස●ප්‍රංශයේ සිසු විරෝධතා මැදට පැන සිසුන් රැකගත් නගර පාලකයා●ගමේ කඩේ ස්මාර්ට් කරන 'ව්‍යාපාර බලගන්වයි' වැඩසටහන●ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට●සතොස බිලියන ගණනින් ගිලගත් කළමනාකරණ අර්බුදය●
Top Ad
පුවත්

යාපනයේ චෙම්මනි සමුහ මිනීවල නැවත කැනීමට දින නියම වේ

T

The Leader Desk

March 13, 2026 • 3:48 AM

යාපනයේ චෙම්මනි සමුහ මිනීවල නැවත කැනීමට දින නියම වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සම්බන්ධයෙන් ඇති සුදානම සහ ප්‍රගතිය සමාලෝචනය සදහා නඩු විභාගය අප්‍රේල් 08 වැනිදා යළි විභාගයට ගැනීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
  • පළාත් බද මාධ්‍යවේදීන්ට දැන ගන්නට ලැබී ඇත්තේ එලෙස කැනීම් කටයුතු වෙනුවෙන් අලුතින් ඉල්ලුම් කර ඇති මුදල රුපියල් මිලියන විසි එකක් පමණ වන බවයි.
  • අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
  • දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල් නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):


චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය මාර්තු 16 දා යලි කැදවීමට නියමිතව තිබුනත් එම නඩු විභාගය මෝසමක් මාර්ගයෙන් මාර්තු 12 වැනිදා කැදවු අවස්ථාවේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් සමුහ සුසානය නිරීක්ෂණය කිරීම සදහා ගොස් තිබුනේ අධිකරණ වෛද්‍ය නිලධාරී, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නීතිඥයන්ද කැටුවයි.

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ සමුහ සුසාන භුමිය නිරීක්ෂණය කිරීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උපදෙස් මත කැනීම් කටයුතු යළි ආරම්භ කිරීමේ යෝජිත දිනය අප්‍රේල් 20 දා බව මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළ බවයි.

ඒ සම්බන්ධයෙන් ඇති සුදානම සහ ප්‍රගතිය සමාලෝචනය  සදහා නඩු විභාගය අප්‍රේල් 08 වැනිදා යළි විභාගයට ගැනීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ කැනීම් කටයුතු නවතා තිබු මාස හයක කාලය තුළ සුසාන භුමිය තණකොළ වැවී, වැසි ජලයෙන් හානි වී ඇති බැවින් සතියකට දින දෙකක් අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ භුමිය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නල්ලූර් ප්‍රදේශිය සභාවට නියෝග කළ බවයි.

සමූහ සුසානයේ තවත් මාස දෙකක කාලයක් කැනීම් කටයුතු සදහා පසුගිය වසරේ ඉල්ලා තිබු රුපියල් මිලියන 19 ක මුදල අධිකරණ අමාත්‍යාංශයෙන් ලබා දී තිබුනත් ප්‍රදේශයේ ඒ වන විට පැවැති වැසි තත්වය හමුවේ කැනීම් කටයුතු මේ වන තෙක්ම ආරම්භ කිරීමට නොහැකි වු අතර 2025 වසර අවසන් වීම හේතුවෙන් එම මුදල් මේ වසර මුලදි  ආපසු හරවා යවන්නට සිදුව තිබුනි.

ඒ අනුව තවත් දින පහස් හයක කාලයක් කැනීම් කටයුතු සදහා අවශ්‍ය මුදල් ඇස්තමේන්තුවක් පසුගිය නඩු වාරය වු 2026 පෙබරවාරි 09  දා  යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්   යළිත් වරක්  අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරියාට සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) ට මාර්තු 12 වැනිදා නියෝග කර ඇත්තේ එහි ප්‍රගතියද අධිකරණයට වාර්තා කරන ලෙසයි.

පළාත් බද මාධ්‍යවේදීන්ට දැන ගන්නට ලැබී ඇත්තේ එලෙස කැනීම් කටයුතු වෙනුවෙන් අලුතින් ඉල්ලුම් කර ඇති මුදල රුපියල් මිලියන විසි එකක් පමණ වන  බවයි.

අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය  කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025  මැයි 15 වැනිදායි.

දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල්  නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු  ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.

ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

 

chemmani low 13

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යාපනයේ චෙම්මනි සමුහ මිනීවල නැවත කැනීමට දින නියම වේ | The Leader