The Leader News
BREAKING
එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●රුසියානු පර්යේෂිකාවගේ අභිරහස් මරණය: ලෝකයම තැතිගත් රහස●ප්‍රංශයේ සිසු විරෝධතා මැදට පැන සිසුන් රැකගත් නගර පාලකයා●ගමේ කඩේ ස්මාර්ට් කරන 'ව්‍යාපාර බලගන්වයි' වැඩසටහන●ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට●සතොස බිලියන ගණනින් ගිලගත් කළමනාකරණ අර්බුදය●
Top Ad
පුවත්

පොලිසිය වෙඩිතබා යාපනයේ දරුවකු මරා දැමීම පිලිබඳව පොලිස්පතිට උසාවි නියෝගයක්

T

The Leader Desk

March 13, 2026 • 5:05 AM

පොලිසිය වෙඩිතබා යාපනයේ දරුවකු මරා දැමීම පිලිබඳව පොලිස්පතිට උසාවි නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දරුවාගේ ඝාතනයට වගකිව යුතු පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගැනීමෙන් වැලකී සිටීම හෙලා දකිමින් ඔහුගේ පවුලේ ඥාතීන් හා ප්‍රදේශයේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මාසයක කාලය තුළ දෙවැනි වතාවට විරෝධතාවක් පැවැත්වුයේ 2026 මාර්තු 10 වැනිදා අල්ලෙයිපිඩ්ඩි පොලිස් ස්ථානය ඉදිරිපිටදී ය.
  • ඔවුන් ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබූ බව සඳහන් කරමින් පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබු බව පවසන නීතිීඥයා තව දුරටත් කියා සිටියේ වෙඩි තැබීම ආත්මාරක්ෂාව සඳහා වූවත්, පළමුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ පැහැදිලි කිරීම මත ඇප පදනම්ව නිදහස් කිරීම සලකා බැලීමේ හැකියාවක් පවතින බවයි.
  • නීතිඥයා තව දුරටත් මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ අද දිනයේ නඩුව විභාග වන අවස්ථාවේ පොලිස් නිලධාරීන් පහලවත්, විස්සත් අතර ප්‍රමාණයක් අධිකරණය හමුවට පැමිණ සිටි බවයි.
  • ඝාතනයට පසුදා පොලිසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව තිබුනේ පෙබරවාරි 10 වැනිදා පොලීසිය විසින් වෑන් රථයකට වෙඩි තැබීමෙන් මියගියේ 19 හැවිරිදි වැඩිහිටියකු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලිස් වෙඩි පහරින් පෙබරවාරි 10 වැනිදා  ඝාතනයට ලක් වු සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයස් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ආචාර්ය නීතිඥ  කුමරවඩිවේල් ගුරුබරන් පවසන්නේ වින්දිත පාර්ශවය අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලු නලිනි සුබාස්කරන් කයිට්ස් මහේස්ත්‍රාත්වරිය දැනට සිදු කර ඇති විමර්ශන සම්බන්ධයෙන් දැඩි අතෘප්තියක් පවතින බව ප්‍රකාශ කරමින් එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මාරු කරන ලෙස මාර්තු 12 වැනිදා පොලිස්පතිවරයාට නියෝග කළ බවයි.  

දරුවාගේ ඝාතනයට වගකිව යුතු පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගැනීමෙන් වැලකී සිටීම හෙලා දකිමින් ඔහුගේ පවුලේ ඥාතීන් හා ප්‍රදේශයේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මාසයක කාලය තුළ දෙවැනි වතාවට විරෝධතාවක් පැවැත්වුයේ 2026 මාර්තු 10 වැනිදා අල්ලෙයිපිඩ්ඩි පොලිස් ස්ථානය ඉදිරිපිටදී ය.

 

අල්ලෙයිපිඩ්ඩි පොලිස් ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක්

 

වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි සය පුද්ගල නීතිඥ මණ්ඩලය අධිකරණයට පෙන්වා දී ඇත්තේ ඝාතනයෙන් මාසයකට පසුවත් ඝාතනය සිදු කළ නිලධාරීන්ගේ නම්  බී වාර්තාවේ සඳහන් නොවීමත්, තුවක්කුවේ උණ්ඩ කොපු පවා සොයා ගැනීමට පොලීසියට නොහැකි වීමෙන් මෙම විමර්ශනය කෙතරම් දුර්වල ලෙස සිදුවෙමින් පවතින්නේද යන්න පෙන්නුම් කරන බවයි.

 

කෙසේ නමුත් පොලිස් කොස්තාපල් මාරසිංහ සහ සල්මාන්ගේ තුවක්කුවලින් වෙඩි තබා ඇති බව සඳහන් කරමින් දිස්ත්‍රික් අපරාධ වැළැක්වීමේ ඒකකයේ භාර ස්ථානාධිපතිවරයා 2026 පෙබරවාරි 10  වැනි දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව සදහන් කරන ආචාර්ය කුමරවඩිවේල් ගුරුබරන් නීතිඥවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් වින්දිත පාර්ශවයේ නීතිඥයන් අධිකරණය හමුවේ ප්‍රශ්න කළ බවයි.

ඔවුන් ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබූ බව සඳහන් කරමින් පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබු බව පවසන නීතිීඥයා තව දුරටත් කියා සිටියේ වෙඩි තැබීම ආත්මාරක්ෂාව සඳහා වූවත්, පළමුව ඔවුන්  අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ පැහැදිලි කිරීම මත ඇප පදනම්ව නිදහස් කිරීම සලකා බැලීමේ හැකියාවක් පවතින බවයි.

ඒ අනුව අරුල් ෆයස්ගේ ඝාතනය සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගන්නා ලෙසත් වින්දිත පාර්ශවයේ නීතිඥයන්  අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඉහත තීන්දුව ප්‍රකාශවට පත් කළ බව ආචාර්ය කුමරවඩිවේල් ගුරුබරන් නීතිඥවරයා මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා තිබේ.

නීතිඥයා තව දුරටත් මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ අද දිනයේ නඩුව විභාග වන අවස්ථාවේ පොලිස් නිලධාරීන් පහලවත්, විස්සත් අතර ප්‍රමාණයක් අධිකරණය හමුවට පැමිණ සිටි බවයි.

ඝාතනයට පසුදා පොලිසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව තිබුනේ පෙබරවාරි 10 වැනිදා පොලීසිය විසින් වෑන් රථයකට වෙඩි තැබීමෙන් මියගියේ 19 හැවිරිදි වැඩිහිටියකු බවයි. එහෙත් මරුමුවට පත් සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයාස් 2008 නොවැම්බර් මස 09 වැනි දින උපත ලද්දකු බව ඔහුගේ උප්පැන්නයේ මෙන්ම මරණ පරීක්ෂණ වාර්තාවේ ද සඳහන් වේ.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුද්‍රපසුපති මයෝදරන් විසින් මහේස්ත්‍රාත් MNN හුසේන් වෙත 2026  පෙබරවාරි 10 දා යවන ලද මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ පොලිස් වෙඩිල්ලෙන් මරුමුවට පත් 17 හැවිරිදි ඇල්පිනෝ අරුල් ෆයාස් ගේ මරණයට හේතුව “රයිෆල් ගිනි අවියකින් පිටවූ උණ්ඩයකින් මෂ්තිෂ්කය විදාරණය වීම” බවයි.

සබැඳි පුවත් :

මාසයකට ඉහතදී දරුවකු මරා දැමු පොලිස් නිලධාරීන් තවමත් නිදැල්ලේ


ඔලුවට වෙඩිතබා දරුවකු මරාදැමු පොලිස් නිලධාරීන් නිදැල්ලේ: යාපනයේ විරෝධතාවක්

වෙඩි තබා දරුවකු මැරූ බව යටපත් කිරීමට වෙර දරන පොලිස් මෙහෙයුමක් එළිවේ

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිසිය වෙඩිතබා යාපනයේ දරුවකු මරා දැමීම පිලිබඳව පොලිස්පතිට උසාවි නියෝගයක් | The Leader