The Leader News
BREAKING
එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●රුසියානු පර්යේෂිකාවගේ අභිරහස් මරණය: ලෝකයම තැතිගත් රහස●ප්‍රංශයේ සිසු විරෝධතා මැදට පැන සිසුන් රැකගත් නගර පාලකයා●ගමේ කඩේ ස්මාර්ට් කරන 'ව්‍යාපාර බලගන්වයි' වැඩසටහන●ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට●සතොස බිලියන ගණනින් ගිලගත් කළමනාකරණ අර්බුදය●
Top Ad
පුවත්

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

T

The Leader Desk

March 13, 2026 • 10:42 AM

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතින යුදමය වාතාවරණය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.
  • ඊට නිසි ප්‍රතිචාරයක් නොගැලීම හෝ අවම වගකීමක් දැරීම තුළින් පැහැදිලි වන්නේ අද අප පිළිගැනීමක් නොමැති තත්ත්වයට පත්වී ඇති ආකාරයයි.
  • ඒ වගේ සමීප සහයෝගීතාවක් සහ පුද්ගලික මට්ටමේ සාකච්ඡා සංවාදවලින් තොරව, අප ඇතිකරගතයුතු ආකාරයේ ඒකාබද්ධතාවක් ගොඩනැඟීමට හැකිවන්නේ නැහැ.
  • අප නිරන්තරයෙන් හමුවී සාකච්ඡා කළ යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පවතින යුදමය වාතාවරණය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ,

'' අමෙරිකාව සහ ඊශ්‍රායලය කලාපයේ රටවලට බෝම්බ හෙළමින් පහරදෙනවා. අනෙක් අතට ඉරානය, කලාපයේ තවත් සාමාජිකයින් වන ගල්ෆ් කලාපයේ රාජ්‍යයන්ට ප්‍රහාර එල්ල කරනවා.

අමෙරිකාව විසින් ඉරාන නෞකාවක් සබ්මැරීන ප්‍රහාරයකින් ගිල්වා දමන්නේ සමුද්‍රීය ආරක්ෂාවට මුල්තැන හිමිවිය යුතු අපේ සාගර කලාපයේ.

ඊට නිසි ප්‍රතිචාරයක් නොගැලීම හෝ අවම වගකීමක් දැරීම තුළින් පැහැදිලි වන්නේ අද අප පිළිගැනීමක් නොමැති තත්ත්වයට පත්වී ඇති ආකාරයයි.

ඒ අතර ඔබට දකින්න පුළුවන් අමෙරිකා එක්සත් ජනපදය යුරෝපා රටවල් සමග සංවාදයේ නිරත වෙනවා. යුරෝපා රටවලුත් එකිනෙකා අතර සාකච්ඡාමය සංවාදයක් පවත්වාගෙන යනවා.

ඉන්දීය සාගර කලාපයේ ඒ කිසිවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේ සමීප සහයෝගීතාවක් සහ පුද්ගලික මට්ටමේ සාකච්ඡා සංවාදවලින් තොරව, අප ඇතිකරගතයුතු ආකාරයේ ඒකාබද්ධතාවක් ගොඩනැඟීමට හැකිවන්නේ නැහැ.

 

අප නිරන්තරයෙන් හමුවී සාකච්ඡා කළ යුතුයි. දේශපාලන කටයුතු, සමුද්‍රීය ආරක්ෂාව, වෙළෙඳාම, ආර්ථික ඒකාබද්ධතාව, ධීවර කටයුතු, කෘෂි කර්මාන්තය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කලාපයේ රටවල රාජ්‍ය නායකයින් හමුවී සාකච්ඡා කළ යුතු බවට මම යෝජනා කරනවා.

 

අපි අපේ වරාය සහ සේවා සැපයුම් ද වැඩිදියුණු කළ යුතුයි. අපට තිබෙනවා කොළඹ ආරක්ෂක සංවාද මණ්ඩලය. අප එක්ව කටයුතු කළත් දේශපාලනමය දැකීමක් සම්බන්ධයෙන් තවමත් අවදානය යොමුකර නැහැ.

අමෙරිකාව අද ගෝලීය කටයුතුවලින් ඉවත්වෙමින් සිටින්නේ. එය තවත් අතකින් කලාපයේ ආරක්ෂාවට සහ වර්ධනයට අවස්ථාව සලසන බව කිව හැකියි. අපට මේ අවස්ථාව උපයෝගී කරගෙන ඉන්දීය සාගර කලාපය සඳහා සැලැස්මක් සකස් කරන්න පුළුවන්.

එහිදී අපේ කලාපීය රටවලට නිරන්තර සාකච්ඡා, සංවාද තුළින් අනෙකුත් සාගර කලාපීය කණ්ඩායම් මෙන් එකමුතුභාවයක් ගොඩනැංවෙන ආකාරය පිළිබඳ සොයාබැලීමට හැකිවේවි" යනුවෙන් පවසයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් | The Leader