The Leader News
BREAKING
එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●රුසියානු පර්යේෂිකාවගේ අභිරහස් මරණය: ලෝකයම තැතිගත් රහස●ප්‍රංශයේ සිසු විරෝධතා මැදට පැන සිසුන් රැකගත් නගර පාලකයා●ගමේ කඩේ ස්මාර්ට් කරන 'ව්‍යාපාර බලගන්වයි' වැඩසටහන●ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට●සතොස බිලියන ගණනින් ගිලගත් කළමනාකරණ අර්බුදය●
Top Ad
පුවත්

දිවුල පතාන ග්‍රාමයේ පදිංචිකරුවන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක්

T

The Leader Desk

March 14, 2026 • 3:26 PM

දිවුල පතාන ග්‍රාමයේ පදිංචිකරුවන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හොත් මෝසමක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) පාර්ශ්වකරුවන්ට දැනුම් දුන්නේය .
  • මහවැලි අධිකාරිය අදාල ග්‍රාමය පවරා ගැනීමෙන් අනතුරුව එම ගමේ වැසියන්ට විවිධ අන්දම හිරිහැර කර ඉවත් කිරීමට කටයුතු කොට ඇති බවද ඊට විකල්ප ස්ථාන හෝ වන්දි ලබාදීම මෙතෙක් සිදුවී නොමැති බව සඳහන් කරමින් ගොනු කළ පෙත්සමක් කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය කරන ලදි.
  • පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාන කියා සිටියේ, පරීක්‍ෂණය සිදු කරනතුරු එම ගමේ පදිංචිකරුවන්ට මේ ස්ථානයේම රැඳී සිටීමට අවසර ලබාදෙන ලෙසත් ඔහුට සහන හැකි ඉක්මනින් ලබාදෙන ලෙසත් ය.
  • (සටහන | නෙල්කා මැදගෙදර) අධිකරණ වාර්තාකාරිනි nelindum41@gmail.com.
අකුරු ප්‍රමාණය (Font Size):

හොත් මෝසමක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) පාර්ශ්වකරුවන්ට දැනුම් දුන්නේය .

මහවැලි අධිකාරිය අදාල ග්‍රාමය පවරා ගැනීමෙන් අනතුරුව එම ගමේ වැසියන්ට විවිධ අන්දම හිරිහැර කර ඉවත් කිරීමට කටයුතු කොට ඇති බවද ඊට විකල්ප ස්ථාන හෝ වන්දි ලබාදීම මෙතෙක් සිදුවී නොමැති බව සඳහන් කරමින් ගොනු කළ පෙත්සමක් කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය කරන ලදි.

 අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.

එම ගම්මානයේ වැසියන් ඉවත් කිරීම ට පෙර මේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා, ගමේ මුල් පදිංචිකරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට විකල්ප ලබාදීම හෝ වන්දි ලබාදීම වැනි සුදුසු සහනයන් ලබා දෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ආබෘෘ  එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය .

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාන කියා සිටියේ, පරීක්‍ෂණය සිදු කරනතුරු එම ගමේ පදිංචිකරුවන්ට මේ ස්ථානයේම රැඳී සිටීමට අවසර ලබාදෙන ලෙසත් ඔහුට සහන හැකි ඉක්මනින් ලබාදෙන ලෙසත් ය.

දෙපාර්ශ්වය කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පාර්ශව කරුවන් ගෙන් එකඟත්වයෙන් පෙත්සම විභාගය අවසන් කළේය .

(සටහන | නෙල්කා මැදගෙදර)

අධිකරණ වාර්තාකාරිනි
nelindum41@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...