කාර්යාලයට 'මුද්‍රා තබා තිබේ.
එසේම, ලංකා ගල්අඟුරු සමාගමේ කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇත.
කාර්යාලයට මුද්‍රා තැබීමෙන් අනතුරුව කාර්යමණ්ඩලයට නිවෙස් බලා යනලෙස දැනුම්දී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඉන පැය කිහිපයකට පසු ආයතනයේ ප්‍රධානින් කිහිපදෙනෙකු යළි කැඳවා ඇත.
ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත්, පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින් 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ජනාධිපති ලේකම්වරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

ගල් අඟුරු හොරකම් හොයන්න ජනාධිපති කොමිෂන් සභාවක්
ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම කොමිෂන් සභාව පත් කරන බවද ඔහු කීවේය.
පසුගිය 2009 වසරේ සිට මේ දක්වා ගල් අඟුරු නැව් 465ක් පැමිණ ඇති බවත් මේ සියලු ආනයනයන් පිළිබඳව මෙහිදී කරුණු සොයා බලනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වරදක් කර ඇතිනම් ඔහු හිරේ යනු ඇති බවත් අනික් අය වැරදි කර ඇත්නම් ඔවුන් හිරේ යනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.
විගණන වාර්තාවෙන් හෙළි කර ඇති කරුණු
2025/2026 කාල පරිච්ඡේදය සඳහා ගල් අඟුරු ආනයනය කිරීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ.
'බාල ගල් අඟුරු' ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විගණන පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර ඇති අතර, එම ගල් අඟුරු පරිභෝජනයෙන් සිදුවිය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
මෙම ගනුදෙනුවේදී සිදුව ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳව අදාළ විගණන වාර්තාවේ සඳහන් වේ.
සබැඳි ලිපියක් :
ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙන් රහස් රැසක් එලියට !




