The Leader News
BREAKING
ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●
Top Ad
පුවත්

ගල් අඟුරු සමාගමේ ප්‍රධානින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

T

The Leader Desk

April 11, 2026 • 5:05 PM

ගල් අඟුරු සමාගමේ ප්‍රධානින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතින බව පොලිසියේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
  • ගල් අඟුරු සමාගමේ කලමනාකර අධ්‍යක්ෂවරයාත්, මුල්‍ය කලමනාකාර වරයත්, ප්‍රසම්පාදන කළමනාකාර වරයාත් එසේ අත්අඩංගුවට ගැනීමට නියමිත බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
  • ගන්නවනං ඇතුළට ඇමතිත් එක්ක ගන්න..'' යයි මන්ත්‍රීවරයා කියා සිටියේය.
  • කෝල් සමාගමේ සභාපති නැතුව කෝල් ගැන කවුද අපිට උත්තර දෙන්නේ?
අකුරු ප්‍රමාණය (Font Size):

පවතින බව පොලිසියේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ගල් අඟුරු සමාගමේ කලමනාකර අධ්‍යක්ෂවරයාත්, මුල්‍ය කලමනාකාර වරයත්, ප්‍රසම්පාදන කළමනාකාර වරයාත් එසේ අත්අඩංගුවට ගැනීමට නියමිත බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ගල් අඟුරු සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව ඊයේ (10) පැවති විස්වාසභංග විවාදයේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසිය.

''ඔයාල දැන් ජී එම් නාමල් හේවගේව අත්අඩංගුවට ගන්න හදනවා. ඇමතිගේ වැරදි නිලධාරීන් පිට පටවන්න හදනවා. නිකන් බොරුවට නිලධාරීන් අමාරුවේ දාන්න එපා. ගන්නවනං ඇතුළට ඇමතිත් එක්ක ගන්න..'' යයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

සභාපති කෝප් කමිටුව මගහරි !

ගල් අඟුරු සමාගමේ කලමනාකර අධ්‍යක්ෂවරයාත්, මුල්‍ය කලමනාකාර වරයත්, ප්‍රසම්පාදන කළමනාකාර වරයාත් පෙරේදා පැවති පාර්ලිමේන්තු කෝප් කමිටුවට සහබාගී වූ නමුත් එම සමාගමේ සභාපති ජයන්ත රත්නායක සහභාගී නොවිය.

ජයන්ත රත්නායක වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මෙම ආයතනයට පත්කළ දෙවන සභාපතිවරයාය.

ඔහු කෝප් කමිටුවට සහභාගී නොවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් බරපතල විවේචනයක් එල්ලවිය.

'' ගල් අඟුරුත් සමාගමේ සභාපතිතුමා කෝප් එකට ආවෙම නෑ. මං ඇහුවා ඇයි ආවේ නැත්තේ?. ඇයි ගෙන්නුවේ නැත්තේ. කාගෙන්ද අපි ප්‍රශ්න අහන්න කියලා...එයා එක ෂේප් කරන්න හදනවා. අපි දැනුම්දුන්නෑ කියනවා. එහෙම පුළුවන්ද. සභාපති නැතුව පුළුවන්ද. කෝල් සමාගමේ සභාපති නැතුව කෝල් ගැන කවුද අපිට උත්තර දෙන්නේ? කාගෙන්ද අපි ප්‍රශ්න අහන්නේ..'' යයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සජීව සේනසිංහ පැවසිය.

 

ගල් අඟුරු සමාගමේ කාර්යාලයට 'සීල් තියයි' ! විශේෂ පොලිස් ආරක්ෂාවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත 'සීමාසහිත ලංකා ගල් අගුරු (පුද්ගලික) සමාගම්' කාර්යාලයට අද (11) පස්වරුවේ 'මුද්‍රා තැබිය.

එසේම, ලංකා ගල්අඟුරු සමාගමේ කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇත.

කාර්යාලයට මුද්‍රා තැබීමෙන් අනතුරුව කාර්යමණ්ඩලයට නිවෙස් බලා යනලෙස දැනුම්දී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,  ඉන් පැය කිහිපයකට පසු ආයතනයේ ප්‍රධානින් කිහිපදෙනෙකු යළි කැඳවා ඔවුන්ගේ ලැප්ටොප් පරිගණක රඳවාගෙන ඇත.  

ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත්, පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින් 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ජනාධිපති ලේකම්වරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.


ගල් අඟුරු හොරකම් හොයන්න ජනාධිපති කොමිෂන් සභාවක්

ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම කොමිෂන් සභාව පත් කරන බවද ඔහු කීවේය.

පසුගිය 2009 වසරේ සිට මේ දක්වා ගල් අඟුරු නැව් 465ක් පැමිණ ඇති බවත් මේ සියලු ආනයනයන් පිළිබඳව මෙහිදී කරුණු සොයා බලනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වරදක් කර ඇතිනම් ඔහු හිරේ යනු ඇති බවත් අනික් අය වැරදි කර ඇත්නම් ඔවුන් හිරේ යනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.

 

විගණන වාර්තාවෙන් හෙළි කර ඇති කරුණු

cfbdfg

2025/2026 කාල පරිච්ඡේදය සඳහා ගල් අඟුරු ආනයනය කිරීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ.

'බාල ගල් අඟුරු' ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විගණන පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර ඇති අතර, එම ගල් අඟුරු පරිභෝජනයෙන් සිදුවිය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

මෙම ගනුදෙනුවේදී සිදුව ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳව අදාළ විගණන වාර්තාවේ සඳහන් වේ.


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...