ඒ අනුව සියලුම නාගරික පළාත් පාලන ආයතන මගින් විදුලි වාහන බදුවලින් නිදහස් කිරීම, සහනාධාර සහ ආරෝපණ යටිතල පහසුකම් විශාල පරිමාණයෙන් පුළුල් කිරීම වැනි ප්‍රතිපත්ති මගින් විදුලි වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.
පෙට්‍රල් වාහන සඳහා කාලානුරූපී සීමාවන් සහ දැඩි වාහන රෙගුලාසි පැනවීමට ද පියවර ගැනීමට නියමිත වන අතර දිල්ලි අගනුවර සම්පූර්ණයෙන්ම විදුලි වාහන වෙත මාරුවීම නව කෙටුම්පතේ අරමුණ වී තිබේ.
ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය අනුව රුපියල් ලක්ෂ 30 ක් හෝ ඊට අඩු මිලක් සහිත සහ දිල්ලි අගනුවර ලියාපදිංචි කර ඇති විදුලි මෝටර් රථ සඳහා 2030 මාර්තු 31 දක්වා මාර්ග බදු සහ ලියාපදිංචි ගාස්තු වලින් සියයට 100 ක නිදහස් කිරීමක් යෝජනා කර ඇත.
හයිබ්‍රිඩ් EV සඳහා සියයට 50 ක බදු නිදහස් කිරීමක් ද යෝජනා කර තිබේ.
2027 ජනවාරි 1 වන දින සිට දිල්ලියේ විදුලි ත්‍රිරෝද රථ පමණක් අලුතින් ලියාපදිංචි කිරීමට අවසර හිමි වේ.
“විදුලි වාහන භාවිතය වේගවත් කිරීම, වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ විදුලි සංචලනය සඳහා ආධාරක පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා දිල්ලි විදුලි වාහන ප්‍රතිපත්තිය 2026-2030 මෙලෙස ක්‍රියාත්මක වනු ඇත” යනුවෙන් එම කෙටුම්පතේ සඳහන්ය.
දිල්ලියේ විදුලි යතුරු පැදි මිලදී ගන්නා පුද්ගලයින්ට ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ දින සිට පළමු වසර තුළ රුපියල් 30,000 දක්වා සහනාධාරයක් ලබා ගත හැකිය.
| lankalokaya
මුලාශ්‍ර :
Delhi govt releases draft EV policy, huge tax breaks for hybrid and EV cars proposed
Delhi government's draft policy on EVs proposes road tax exemption, subsidies
Govt. unveils ₹3,954-cr. draft policy to drive EV adoption, curb pollution
Delhi draft EV policy: Electrification drive from January 2027




