සීමාසහිත ලංකා ගල් අගුරු (පුද්ගලික) සමාගමේ කාර්යාලයෙන් ගල් අඟුරු ගොඩබෑම අදාල නියෝග මෙතෙක් නිකුත් නොකිරීම නිසා එම තත්ත්වය උදාවී ඇතැයි පැවසේ.
අධිකරණ නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සීමාසහිත ලංකා ගල් අගුරු (පුද්ගලික) සමාගමේ කාර්යාලයට ඊයේ දහවල් මුද්‍රා තැබිය.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු ආනයනය කිරීම සහ බාගැනීම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ නෞකා මගිනි. මෙහිදී දිනකට මෙට්‍රික් ටොන් 7500ක පමණ අවශ්‍යතාවක් පවතින අතර, ගල් අඟුරු නැව්වලින් ගොඩබෑම සහ ප්‍රවාහන පද්ධති (conveyor system) හරහා අංගනයට (coal yard) ගෙන යාම සිදු කෙරේ.
ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත්, පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින් 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ඊයේ (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ජනාධිපති ලේකම්වරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.
ගල් අඟුරු හොරකම් හොයන්න ජනාධිපති කොමිෂන් සභාවක්
2009 සිට මේ දක්වා ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී පසුගිය සිකුරාදා (10) පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම කොමිෂන් සභාව පත් කරන බවද ඔහු කීවේය.
පසුගිය 2009 වසරේ සිට මේ දක්වා ගල් අඟුරු නැව් 465ක් පැමිණ ඇති බවත් මේ සියලු ආනයනයන් පිළිබඳව මෙහිදී කරුණු සොයා බලනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වරදක් කර ඇතිනම් ඔහු හිරේ යනු ඇති බවත් අනික් අය වැරදි කර ඇත්නම් ඔවුන් හිරේ යනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.




