The Leader News
BREAKING
ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●
Top Ad
පුවත්

කෘත්‍රිම වැසි ඇතිකිරීම සම්බන්ධව අවධානය

T

The Leader Desk

April 12, 2026 • 5:57 AM

කෘත්‍රිම වැසි ඇතිකිරීම සම්බන්ධව අවධානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිරිත දිග මෝසම් කාලයේදී එල්නිනෝ තත්ත්වයක් උද්ගත වුවහොත් ජුනි, ජූලි සහ අගෝස්තු මාසවලදී වර්ෂාපතනය විශාල ලෙස අඩුවිය හැකි බවත්, එම තත්ත්වය සැප්තැම්බර් මාසය දක්වා පවතිනු ඇතැයි කාලගුණික අංශ සඳහන්කරයි.
  • කෘත්‍රිම වැසි ඇති කිරීමට නම් තවත් රටක සහයෝගය ලබා ගතයුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේය.
  • මීට වසර කීපයකට ඉහතදී ද කෘත්‍රිම වැසි ඇති කිරීම සම්බන්ධව මෙරට තුළදී අත්හදා බැලීමක්ද සිදුකර තිබේ.
  • ලංකාව දූපතක් බැවින් කෘතිම වැසි ඇති කිරීම විධිමත් පරිදි සිදු කළයුතු බවද, එසේ නොකළහොත් බලාපොරොත්තු වන වර්ෂාපතනය ලබාගැනීමට අපහසු වන බවද එම නිලධාරියා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):



නිරිත දිග මෝසම් කාලයේදී එල්නිනෝ තත්ත්වයක් උද්ගත වුවහොත් ජුනි, ජූලි සහ අගෝස්තු මාසවලදී වර්ෂාපතනය විශාල ලෙස අඩුවිය හැකි බවත්, එම තත්ත්වය සැප්තැම්බර් මාසය දක්වා පවතිනු ඇතැයි කාලගුණික අංශ සඳහන්කරයි.

කෘත්‍රිම වැසි ඇති කිරීමට නම් තවත් රටක සහයෝගය ලබා ගතයුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේය. මීට වසර කීපයකට ඉහතදී ද කෘත්‍රිම වැසි ඇති කිරීම සම්බන්ධව මෙරට තුළදී අත්හදා බැලීමක්ද සිදුකර තිබේ. ලංකාව දූපතක් බැවින් කෘතිම වැසි ඇති කිරීම විධිමත් පරිදි සිදු කළයුතු බවද, එසේ නොකළහොත් බලාපොරොත්තු වන වර්ෂාපතනය ලබාගැනීමට අපහසු වන බවද එම නිලධාරියා පැවසීය.

 

නිරිත දිග මෝසම් කාලයේදී එල්නිනෝ තත්ත්වයක් උද්ගත වුවහොත් ජුනි, ජූලි සහ අගෝස්තු මාසවලදී වර්ෂාපතනය විශාල ලෙස අඩුවිය හැකි බවත්, එම තත්ත්වය සැප්තැම්බර් මාසය දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පැවසීය.

 

එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවධානමක්

ගෝලීය වශයෙන් ජුනි, ජූලි, අගෝස්තු වන විට එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව සියයට 50ත් 55ත් අතර වන බවත්, එම තත්ත්වය ලබන වසරේ (2027) මාර්තු, අප්‍රේල් දක්වා පවතින බවද ඔහු කීවේය. ඉදිරියේදී එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බවට ගෝලීය වශයෙන් පුරෝකථනය කර තිබෙන බවද ඔහු පැවසුවේය. ඔක්තෝබර්, නොවැම්බර් වන විට දෙවන අන්තර් මෝසම බවත්, එල්නිනෝ තත්ත්වයකදී වූවත්, දෙවැනි අන්තර් මෝසමේදී වර්ෂාපතනය වැඩිවන බවත්, ඒ අනුව ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා තද වැසි ලැබෙනු ඇතැයිද ඔහු කීවේය.

කෙසේ නමුත් ලබන මැයි මාසයේ වර්ෂාපනයට එල්නිනෝ තත්ත්වයේ විශාල බලපෑමක් ඇති නොවන බවද ඔහු පැවසීය. මැයි මාසයේදී තද වැසි ලැබුණහොත් ජලය කළමනාකරණය කරගැනීමට හැකිවනු ඇතැයිද ඔහු සඳහන් කළේය. අප්‍රේල් සහ මැයි මාස සාමාන්‍යයෙන් උණුසුම් තත්ත්වයක් පැවතියත්, දේශගුණ විපර්යාස සමග එම උණුසුම් තත්ත්වය ක්‍රමයෙන් වැඩිවන බවද ඔහු පැවසුවේය. දැනට පවතින පළමුවැනි අන්තර් මෝසම් තත්ත්වය මැයි මස 15 වැනිදා පමණ වන විටදී අවසන් විය යුතු බවත්, මෙමස 20 වැනිදායින් පමණ පසු නිරිත දිග මෝසම ආරම්භ වන බවද ඔහු කියා සිටියේය.

ජූලි, අගෝස්තු, සැප්තැම්බර් දක්වා වර්ෂාපතනය අඩුවීම නිසා නියං තත්ත්වයක් උද්ගත වනු ඇතැයිද, මේ නිසා පානීය ජලය සපයා ගැනීමේදී සහ වාරිමාර්ග කටයුතුවලට ජලය සපයා ගැනීමේදී කළමනාකරණය කිරීම සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවද ඔහු කීවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේය.

( aruna | සාලිය කුමාර ගුණසේකර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...