The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
පුවත්

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට එයි !!

T

The Leader Desk

May 12, 2026 • 8:51 AM

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට එයි !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුව ඔහු අද උදෑසන 9.30ට පමණ අල්ලස් කොමිසම හමුවට පැමිණියේය.
  • පැය 2කට වැඩි කාලයක් මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන් අතර, ඒ අවස්ථාවේ දී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ පාක්ෂිකයින් රැසක් එම ස්ථානයට පැමිණ මහින්ද රාජපක්ෂ ට සහාය පළ කළේය.
  • හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය වෙත පැවසුවේ, පසුගිය සිකුරාදා (මැයි 08) මිය ගිය SriLankan ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබා දුන් ප්‍රකාශයක් මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබූ බව යි.
  • කෙසේවෙතත් එම විමර්ශනයේදී අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතට ගැනෙන වරද අනාවරණය වී තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඊට අදාළව පසුගිය මාර්තු 12 වනදා කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගැනුණි.
අකුරු ප්‍රමාණය (Font Size):



ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුව ඔහු අද උදෑසන 9.30ට පමණ අල්ලස් කොමිසම හමුවට පැමිණියේය.

පැය 2කට වැඩි කාලයක් මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන් අතර, ඒ අවස්ථාවේ දී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ පාක්ෂිකයින් රැසක් එම ස්ථානයට පැමිණ මහින්ද රාජපක්ෂ ට සහාය පළ කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය වෙත පැවසුවේ, පසුගිය සිකුරාදා (මැයි 08) මිය ගිය SriLankan ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබා දුන් ප්‍රකාශයක් මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබූ බව යි.



2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වූණි.

කෙසේවෙතත් එම විමර්ශනයේදී අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතට ගැනෙන වරද අනාවරණය වී තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඊට අදාළව පසුගිය මාර්තු 12 වනදා කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගැනුණි.

අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කරමින් අල්ලස් කොමිසමේ නිලධාරින් කියා සිටියේ, ප්‍රශ්නගත ගනුදෙනුවේදී තමන්ට ලද අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලින් රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ටද, රුපියල් මිලියන 60ක මුදලක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ටද ලබාදුන්නේ යැයි කපිල චන්ද්‍රසේන සිය කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙමින් පැවසූ බවය.

කෙසේවෙතත් අල්ලස් කොමිසමේ බලධාරීන් තර්ජනය කොට බලහත්කාරයෙන් අදාළ ප්‍රකාශය ලබාගත් බව දන්වමින් කපිල චන්ද්‍රෙස්න යොමුකළ දිවුරුම් ප්‍රකාශයක් ඔහුගේ නීතීඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

කපිල චන්ද්‍රෙස්න ගේ මළ සිරුර පසුගිය සිකුරාදා නිවසකින් සොයාගැනුණේ මෙවන් පසුබිමකය.

මෙම චෝදනා විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න ට අද දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම දැනුම් දී තිබුණි.

ඒ අනුව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද උදෑසන 9.30ට පමණ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබුණි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...