ප්‍රකාශ ලබාගැනීම සඳහා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පස් දෙනෙකුට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් කැඳවීමක් සිදු කර තිබේ.
මෙලෙස කැඳවා ඇති ව්‍යාපාරිකයන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, නිමල් පෙරේරා, රෙනෝ ද සිල්වා, අශෝක් පතිරගේ සහ තරංග තෝරදෙණිය යන පස් දෙනාය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ පැවති 2010 සහ 2015 කාලයේ කොටස් වෙළඳපොළ තුළ සිදු වී ඇති වංචා සහ අක්‍රමිකතා පිළිබඳව මෙහි දී විශේෂයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.
ඉදිරි දිනවලදී, ප්‍රශ්න කිරීම සඳහා නිමල් පෙරේරා, රෙනෝ ද සිල්වා, අශෝක් පතිරගේ සහ තරංග තෝරා දෙණිය යන අයද ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත කැඳවීමට අදාළ දැන්වීම් සිදු කර ඇති බවද වාර්තා වේ.
| lankatruth




