යුද පීඩිත උතුරේ, පලාලියේ පාරම්පරික වාසභූමියෙන් තමන් පිටමන් කොට බලහත්කාරයෙන් වාඩිලා සිටින යුද හමුදාවෙන් නිදහස්වූ සිය මුල් භුමියේම අවසන් ගමන් යන්නට වසර 30 ට වැඩි කාලයක් තිස්සේ පැතූ පැතුම් ඉටු නොවු වයෝවෘධ දෙමළ මාතාවක් දිවි සැරිය නිමා කර තිබේ.
ඉඩම් අහිමි ජනතාව ලොවපුරා හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සැමරූ නොවැම්බර් 8 ඉරිදා සිය සති අන්ත විරෝධතාව දියත් කළේ අවුරුදු 36ක් තිස්සේ පැතූ පැතුම් සුන්වී මියගිය 83 හැවිරිදි සිව් දරු මවක් වන තම්බිදුරෙයි ඉලෛයකුට්ටිගේ දේහය ඇයට බුහුමන් පිණිස අරගල භූමිය වෙත රැගෙන එමිනි.
යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින දෙමළ ජනයාට අයත් යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ සිය ඉඩම් නිදහස් කරන ලෙස බල කරමින් ඉඩම් අහිමි වුවන් විසින් සෑම ඉරිදා දිනකම දියත් කරන විරෝධතාවය ආරම්භ කර තිබුනේ 2026 ජුනි 21 වැනිදා දිනයි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිය ජීවිතයේ සැන්දෑ සමය සිය මුල් භුමියේම ගත කිරීමටත් සිය අවසන් කටයුතු එම නිවසේම සිදු කරනු දැකීමත් ඉලෛයකුට්ටි මෑණියන්ගේ බලවත් කැමැත්ත වී තිබු බවයි.
කළු දීපවාලිය' සහ පාරම්පරික ඉඩම් අයිතිය
සිය පාරම්පරික ඉඩම් සහ නිවාස අහිමිව සිටියදී සතුටින් දීපවාලි උත්සවය සැමරීමට නොහැකි බව පවසමින් විරෝධතාවට එක්වූ උතුරේ දෙමළ ජනතාව මෙවර දීපවාලිය 'කළු දීපවාලි' ලෙස නම් කර තිබුනි.
"අපට අපේම ගෙවල්වල සතුටින් දීපවාලි සැමරීමට පුළුවන් වෙන්නේ අපේම ඉඩම්වල නැවත පදිංචි වූ පසුවයි" යනුවෙන් විරෝධතා කරුවන් අවධාරණය කර තිබුනි.
යුද නිමාවෙන් පසු උතුරේ ඉඩම් අක්කර දහස් ගණනක් අත්පත්කරගනිමින් මහින්ද රාජපක්ෂ පාලනය විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මේ දක්වාම අවලංගු නොකිරීම නිසා ඉඩම් අහිමි වු ප්‍රදේශයේ දෙමළ ජනතාව සිය පාරම්පරික භුමිය ආපසු ලබා දෙන ලෙස බල කරමින් ආරම්භ කළ විරෝධතාවයට මේ වන විට මාස 6 ක් පසු කර තිබේ.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අක්කර 6000 ක් පමණ අත්පත්කරගනිමින් 2013 වසරේදී පැවති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ රජය ගැසට් පත්‍රයක් නිකුත් කර තිබියදී, එම ඉඩම් වලින් අක්කර 3000 ක පමණ ප්‍රමාණයක එදිනදා ජීවිතය ගත කිරීමට යහපාලන ආණ්ඩු සමයේ ඉඩම් වල අයිතිකරුවන්ට අවසර හිමි වූවත් එම ගැසට් පත්‍රය මේ දක්වාම අහෝසි නොකිරීම නිසා ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය තහවුරු කරගැනීමට නොහැකිව එම ජනතාව මහත් පීඩාවට පත්ව සිටින බවයි.
හමුදා කෘෂිකර්මාන්තය සහ නොවිසඳුණු සතිපතා අරගලය
රජයේ ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගත් දෙමළ ජනතාවගේ පාරම්පරික භුමිය තුළ හමුදා විසින් කෘෂිකාර්මික කටයුතු සිදු කරන අතර එම අස්වැන්න මිලදී ගැනීමට එම ඉඩම් වල හිමිකරුවන්ටම සිදුවීම අවාසනාවන්ත තත්වයක් බව උතුරේ දෙමළ ජනතා නියෝජිතයන් මීට ඉහත දී පෙන්වා දී තිබුනි.
යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින දෙමළ ජනයාට අයත් යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ සිය ඉඩම් නිදහස් කරන ලෙස බල කරමින් කමාන්ඩර් බංගලාව නමින් හදුන්වන උතුරු පලාතේ හමුදා ආඥාපති නිල නිවස ඉදිරිපිට 2026 අප්‍රේල් 24 වැනිදා සිට සෑම සිකුරාදා දිනකමත්, 2026 ජුනි 21 වැනිදා සිට සෑම ඉරිදා දිනකම පලාලි හන්දියේත් ඉඩම් අහිමි වුවන් විසින් සතිපතා විරෝධතා දියත් කරමින් සිටි.
එම ඉල්ලීම් වෙනුවෙන් රජය මේ දක්වාම විසදුමක් ලබා දුන් බවක් දැන ගන්නට නැත.
වැඩිදුර තොරතුරු සහ දර්ශන :
වීඩියෝව නරඹන්න :
වලිකාමම් උතුරු ඉඩම් අත්පත් කරගැනීම පිළිබඳ පසුබිම් වාර්තා: