The Leader News
BREAKING
ඩිජිටල් අභියෝග මැද විද්‍යුත් මාධ්‍යයේ පැවැත්ම තීරණය වන 'විශ්වසනීයත්වය'●කෘත්‍රිම බුද්ධිය අපේ හොඳම මිතුරා වූ දවස | ආචාර්ය නදී දිසානායක●2027 අයවැය: පාසල් ඩිජිටල්කරණයට සහ ගුරු දීමනාවලට විශේෂ ප්‍රමුඛතාවක්●කඩුවෙල නගරාධිපතිගේ ප්‍රකාශයට හඳුන්නෙත්ති සහ ලාල්කාන්තගෙන් දැඩි ප්‍රතිචාරයක්●වාස භූමියෙන් පිටමං කළ උතුරේ අම්මාගේ දේහයට අරගල භූමියේ දී උපහාර●2027 අයවැය: වැඩිම මුදල මුදල් අමාත්‍යාංශයට, බලශක්තියට නව පිම්මක්●මේ ඉලක්කම් සෙල්ලමට කොටුවී කළ හැක්කක් නැත මිත්‍රයා - කුසල් පෙරේරා●අයවැය: සූර්ය බලයට සහන, ශ්‍රීලන්කන් පාඩුවට විසඳුම් සොයයි●රාමායණ චිත්‍රපටයට ආගමික හා සංස්කෘතික විරෝධතා රැල්ලක්●මේ දිනවල දක්නට ලැබෙන කහ සමනලුන්ගේ සිරිපා වන්දනාව●
Top Ad
පුවත්

2027 අයවැය: වැඩිම මුදල මුදල් අමාත්‍යාංශයට, බලශක්තියට නව පිම්මක්

Nethmini

Nethmini

November 12, 2026 • 4:08 PM

2027 අයවැය: වැඩිම මුදල මුදල් අමාත්‍යාංශයට, බලශක්තියට නව පිම්මක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර සඳහා වන රජයේ අයවැය යෝජනා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
  • පසුගිය ඔක්තෝබර් 07 වන දින පළමු වර කියවූ මෙම විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (13) සිට නොවැම්බර් 20 දක්වා පැවැත්වේ.
  • අයවැය ඡන්ද විමසීම නොවැම්බර් 20 වන දින පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
  • ඒ සඳහා රුපියල් බිලියන 856.85ක් වෙන් කර ඇති අතර, එයින් වැඩි කොටසක් රටේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් යෙදවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

පසුගිය ඔක්තෝබර් 07 වන දින පළමු වර කියවූ මෙම විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (13) සිට නොවැම්බර් 20 දක්වා පැවැත්වේ. අයවැය ඡන්ද විමසීම නොවැම්බර් 20 වන දින පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

රජයේ මුදල් වැඩිපුරම වෙන් වූයේ කාටද?

2027 වසරේදී අමාත්‍යාංශ අතරින් වැඩිම මුදලක් හිමිවන්නේ ජනාධිපතිවරයා යටතේ පවතින මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයටයි. ඒ සඳහා රුපියල් බිලියන 856.85ක් වෙන් කර ඇති අතර, එයින් වැඩි කොටසක් රටේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් යෙදවේ.

* රාජ්‍ය පරිපාලන සහ පළාත් පාලන: රුපියල් බිලියන 651 (වැඩි කොටසක් රාජ්‍ය සේවක වැටුප් හා එදිනෙදා නඩත්තු වියදම් සඳහාය)
* සෞඛ්‍ය සහ ජනමාධ්‍ය: රුපියල් බිලියන 590.5
* ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන: රුපියල් බිලියන 500 (මින් බිලියන 432ක්ම මාර්ග හා නාගරික සංවර්ධන වැඩසටහන් සඳහාය)
* ආරක්ෂක අමාත්‍යාංශය: රුපියල් බිලියන 458
* අධ්‍යාපන අමාත්‍යාංශය: රුපියල් බිලියන 328
* මහජන ආරක්ෂක අමාත්‍යාංශය: රුපියල් බිලියන 230.5
* අමාත්‍යාංශ අතරින් අඩුම මුදල වන රුපියල් බිලියන 3.4ක් වෙන් වී ඇත්තේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයටයි.
* වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට රුපියල් බිලියන 3.7ක් ද, කම්කරු අමාත්‍යාංශයට රුපියල් බිලියන 7.5ක් ද හිමිව තිබේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ ධීවර අමාත්‍යාංශය අඩුම ප්‍රතිපාදන වෙන් වූ සෙසු අමාත්‍යාංශ ලෙස සටහන් වේ.

ජනපති, අගමැති සහ කොමිෂන් සභාවල වියදම්

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 11.2ක් වෙන් කර ඇති අතර, ඉන් රුපියල් බිලියන 8.1ක්ම වෙන් කර ඇත්තේ සංවර්ධන වැඩසටහන් වෙනුවෙනි.

අග්‍රාමාත්‍ය කාර්යාලයට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 1.02ක මුදලකි. විශේෂ වියදම් ඒකක අතරින් ඉහළම මුදලක් එනම් රුපියල් බිලියන 10.58ක් මැතිවරණ කොමිෂන් සභාවට වෙන් කර තිබේ.

පාර්ලිමේන්තුවට රුපියල් බිලියන 6.1ක්, ජාතික විගණන කාර්යාලයට රුපියල් බිලියන 4.89ක්, අල්ලස් කොමිසමට රුපියල් බිලියන 2.49ක් සහ මානව හිමිකම් කොමිසමට රුපියල් මිලියන 540ක් බැගින් වෙන් වී ඇත.

බලශක්ති ක්ෂේත්‍රයට දැවැන්ත ආයෝජන සහ සූර්ය බල සහන

2029 වසර වන විට රටේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය 69% දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කයයි. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 26.5ක් ආයෝජනය කෙරේ.

* විදුලි පද්ධතිය ස්ථාවර කිරීම: ජාතික විදුලි පද්ධතියේ වෝල්ටීයතාව ස්ථාවරව පවත්වා ගැනීමට හබරණ සහ මන්නාරම ප්‍රදේශවල නව සමූර්ථ ධාරිත්‍රක 2ක් ස්ථාපිත කෙරේ. පාදුක්ක උපපොළෙහි මෙගාවොට් 300ක නව පහසුකමක් 2029 වන විට අවසන් කිරීමට ද සැලසුම් කර ඇත.

* බැටරි සහනාධාරය: දහවල් කාලයේ නිපදවන සූර්ය විදුලිය රාත්‍රියට ගබඩා කර තබා ගැනීම දිරිමත් කිරීමට බැටරි මිලදී ගැනීම සඳහා කිලෝවොට් 1කට රුපියල් 25,000 බැගින් (කිලෝවොට් 10ක් දක්වා උපරිම රුපියල් 250,000ක්) සහනාධාරයක් ලබා දේ. ඒ සඳහා රුපියල් මිලියන 3,500ක් වෙන් කර ඇත.

* බදු ඉවත් කිරීම: සූර්ය බලශක්ති බැටරි ආනයනයේදී අය කළ 10%ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද සම්පූර්ණයෙන් ඉවත් කෙරේ.


වැඩිදුර තොරතුරු ඇතුළත් විශ්වාසනීය මූලාශ්‍ර සබැඳි

අයවැය කතාවේ සජීවී විකාශය නරඹන්න:


අයවැය කතාවේ සාරාංශ සටහන

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...