The Leader News
BREAKING
ඩිජිටල් අභියෝග මැද විද්‍යුත් මාධ්‍යයේ පැවැත්ම තීරණය වන 'විශ්වසනීයත්වය'●කෘත්‍රිම බුද්ධිය අපේ හොඳම මිතුරා වූ දවස | ආචාර්ය නදී දිසානායක●2027 අයවැය: පාසල් ඩිජිටල්කරණයට සහ ගුරු දීමනාවලට විශේෂ ප්‍රමුඛතාවක්●කඩුවෙල නගරාධිපතිගේ ප්‍රකාශයට හඳුන්නෙත්ති සහ ලාල්කාන්තගෙන් දැඩි ප්‍රතිචාරයක්●වාස භූමියෙන් පිටමං කළ උතුරේ අම්මාගේ දේහයට අරගල භූමියේ දී උපහාර●2027 අයවැය: වැඩිම මුදල මුදල් අමාත්‍යාංශයට, බලශක්තියට නව පිම්මක්●මේ ඉලක්කම් සෙල්ලමට කොටුවී කළ හැක්කක් නැත මිත්‍රයා - කුසල් පෙරේරා●අයවැය: සූර්ය බලයට සහන, ශ්‍රීලන්කන් පාඩුවට විසඳුම් සොයයි●රාමායණ චිත්‍රපටයට ආගමික හා සංස්කෘතික විරෝධතා රැල්ලක්●මේ දිනවල දක්නට ලැබෙන කහ සමනලුන්ගේ සිරිපා වන්දනාව●
Top Ad
පුවත්

අයවැය: සූර්ය බලයට සහන, ශ්‍රීලන්කන් පාඩුවට විසඳුම් සොයයි

Nethmini

Nethmini

November 12, 2026 • 3:18 PM

අයවැය: සූර්ය බලයට සහන, ශ්‍රීලන්කන් පාඩුවට විසඳුම් සොයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර සඳහා වන රජයේ අයවැය යෝජනා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මේවනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි.
  • සූර්ය බලයෙන් විදුලිය නිපදවන ඔබට සෘජු වාසි නිවෙස්වල වහල මත සූර්ය පැනල සවිකර ඇති පාරිභෝගිකයින්ට මෙවර අයවැයෙන් විශේෂ සහන දෙකක් හිමිවේ.
  • බදු ඉවත් කිරීම: සූර්ය පැනල බැටරි ආනයනයේදී මෙතෙක් අය කළ 10%ක වරාය සහ ගුවන්තොටුපොළ බද්ද සම්පූර්ණයෙන් ඉවත් කෙරේ.
  • මූල්‍ය සහනාධාරය: කිලෝවොට් 1ක බැටරියක් මිලදී ගැනීමේදී රජයෙන් රුපියල් 25,000ක සහනාධාරයක් ලබා දීමට යෝජනා කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මේවනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි.

වත්මන් රජය ඉදිරිපත් කරන තෙවැනි අයවැය මෙය වන අතර, රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගන්නා තීරණාත්මක පියවර රැසක් ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

සූර්ය බලයෙන් විදුලිය නිපදවන ඔබට සෘජු වාසි

නිවෙස්වල වහල මත සූර්ය පැනල සවිකර ඇති පාරිභෝගිකයින්ට මෙවර අයවැයෙන් විශේෂ සහන දෙකක් හිමිවේ. රාත්‍රී කාලයේදීත් විදුලිය ගබඩා කර තබා ගැනීමට භාවිත කරන බැටරි මිල අඩු කිරීම රජයේ අරමුණයි.

* බදු ඉවත් කිරීම: සූර්ය පැනල බැටරි ආනයනයේදී මෙතෙක් අය කළ 10%ක වරාය සහ ගුවන්තොටුපොළ බද්ද සම්පූර්ණයෙන් ඉවත් කෙරේ.


* මූල්‍ය සහනාධාරය: කිලෝවොට් 1ක බැටරියක් මිලදී ගැනීමේදී රජයෙන් රුපියල් 25,000ක සහනාධාරයක් ලබා දීමට යෝජනා කර ඇත.

දිවයින පුරා විදුලි බිඳවැටීම් අවම කර විදුලි පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 26.5ක දැවැන්ත මුදලක් වෙන් කිරීමට ද යෝජනා වී තිබේ.

භාණ්ඩාගාරයට දරාගත නොහැකි ශ්‍රීලන්කන් ගුවන් සේවය

2018 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සේවය රජයට පවරා ගත් දින සිට 2025 වසර දක්වා එහි සමස්ත අලාභය රුපියල් බිලියන 528ක් බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළේය.

මෙම අධික පාඩුව මහජන මුදල්වලට සහ භාණ්ඩාගාරයට විශාල බරක් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මේ අර්බුදයට ස්ථිර විසඳුමක් සෙවීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල කමිටුවක් මේ වන විටත් පත් කර තිබේ.

ආයෝජන ආකර්ෂණයට අලුත් සමාගමක්

විදේශ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා නව විශේෂ සමාගමක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන විදේශ වෙළෙඳපොළට පහසුවෙන් යැවීමේ අරමුණින් චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට (FTA) එළඹීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ව්‍යාපාර හා මූල්‍ය ක්ෂේත්‍රයට නව නීති

ආර්ථික කටයුතු විධිමත් කිරීම සහ වංචා දූෂණ වැළැක්වීම සඳහා පැරණි පනත් කිහිපයක් යාවත්කාලීන කිරීමට රජය සූදානම් වේ.

* සූදු කර්මාන්තය පාලනය: සූදු අධිකාරී පනතට නව නියාමන කොන්දේසි හඳුන්වා දෙමින් එම ක්ෂේත්‍රය දැඩි නීති රාමුවකට යටත් කෙරේ.

* රේගු සහ මූල්‍ය ආයතන: 2027 වසර මුලදී රේගු ආඥා පනත සංශෝධනය කෙරෙන අතර, මූල්‍ය සමාගම් නියාමනය කරන මුදල් ව්‍යාපාර පනත ද සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

* කර්මාන්ත සහ දත්ත: දේශීය කර්මාන්තකරුවන්ට සහන දෙන නිෂ්පාදන බදු සහන පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන අතර, රටේ නිවැරදි දත්ත රැස්කිරීම සඳහා ජාතික සංඛ්‍යාලේඛන පනත ද මේ වන විට කෙටුම්පත් කරමින් පවතින බවද ජනාධිපතිවරයා පැවසිය.


වැඩිදුර තොරතුරු ඇතුළත් විශ්වාසනීය මූලාශ්‍ර සබැඳිය
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...