1987- 89 අරගලයේදී සිය දිවි කැපකළ සහෝදර සහෝදරියන් සැමරීම උදෙසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ 34වන ඉල්මහ විරු සමරුව නොවැම්බර්

13 සවස 3.30ට කළුතර නගර ශාලාවේදී පැවැත්වුණි. 

'ඔබ මියගොස් නැත' තේමාවෙන් මෙම ඉල්මහ විරු සමරුව සංවිධානය කර තිබිණ.  

'' මර්දනය මැද පසුබැසීම් හමුවෙ පවා මහජන අරගලයකට නායකත්වය දෙන්න මග කිව්වෙ ඉල්මහ විරුවන්! '' යයි සමරුව අමතමින් Youth for CHEnge සංවිධානයේ ළහිරු වීරසේකර පැවසිය. 

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ළහිරු වීරසේකර මෙසේ සඳහන් කළේය.

lahiru il 34
"අප මේ රැස්ව සිටින්නේ මීට වසර 34කට පෙර සිදු වූ තීරණාත්මක දේශපාලන ක්‍රියාකාරිත්වයක මතකයක් ආවර්ජනය කිරීමක් සඳහා පමණක් නෙවෙයි. දුර්දාන්ත පාලනයකට එරෙහිව සටන් වැදුණු පිරිසක් මත කෘර ම්ලේච්ඡ මර්දනයක් එල්ල වෙද්දි ඒ මර්දනය හමුවේ නොසැලී දේශපාලන අභියෝග භාරගත් පිරිසකගේ මතක ආවර්ජනයක් සිදු කිරීමෙන් පමණක් නතර වෙන්න අපට හැකියාවක් නෑ.

වසරකට පෙර දේශපාලකයන්ට ජනතා බලය කුමක්ද කියන කාරණය තේරුම් කර දුන් මහා ජනතා නැගිටීමක් තිබියදී ඇයි අපි වසර 34කට පෙර සිදුවූ සන්නද්ධ නැගිටීමක් ගැන කතා කරන්නෙ? අපි මේ සැමරුම් ස්ථානයේ රතු ධජ ස්ථාපනය කරන්නෙ? 1988 89 වකවානුවේ ධනවාදයට එරෙහිව අභියෝග කළ අරගලයක මතකය ගෙන එමින් ඒ අරගලයේ විශෙෂත්වය සම්බන්ධ අපේ සමාලෝචනයක් සිදු කරන්නෙ ඇයි? සමහරු අපෙන් අහනවා මේවා කරන්න ඕනද කියලත්. 

 

එදා ඒ අරගලය නායකත්වය දුන් ව්‍යාපාරයේ නායකයන් ඒ අරගලය ඉදිරියට ගෙනයන්න පැකිළෙන, ඒ අරමුණු අත්හැර සමාව ඉල්ලන්න ඉදිරිපත් වන පසුබිමක අපි මේ සමරුව පවත්වන්නෙ. ඒ අරගලය, සමාජවාදය වෙනුවෙන් ඔවුන් එසැවූ රතු ධජය අත්හරින්න සූදානම් සමහරු අරගලය අවතක්සේරු කරනවා. ජනතා බල අවමානයට ලක් කරනවා. නමුත් අදත් අපගේ සමාජ ආර්ථික පීඩාවන්ට විසඳුම් ගෙන එන්න සමත් මාවතක් තිබේ නම් ඒ සමාජවාදය තුළ පමණයි කියන කාරණය අවධාරනය කළ යුතුයි.

 

පසුගිය වසරේ අරගලයට මැදිහත්වූ අපේ පරම්පරාවේ තරුණ තරුණියන්ට 88-89 අරගලයේ අත්දැකීම් සමීප කරන්න, ඇයි ඒ අරගලය ආරම්භ වුණේ අරගලයේ පරාජය පිළිබඳ සහ නැවත අරගලයේ ධජය එසවීමේ පාඩම ඔවුන්ගෙන් අපි ඉගෙන ගන්න උත්සාහ කළා.  

2022 මහජන නැගිටීම මේ රටේ ජනතාවට තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් නැගිටීම ලෙස සලකුණු කෙරෙනවා. ඒ අරගලය පරාජය වී ඇතැයි කියන ඇතැමුන් අරගලයට අවලාද නගද්දී අරගලයේ වගකීමෙන් පළා යද්දී අප තවමත් ඒ අරගලයේ අඛණ්ඩතාව වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. ඇත්ත අපි ඒ අරගලය ආරම්භයේ සිටම ඊඨ මැදිහත් වෙමින් අරගලයේ තරුණ සහෝදර සහෝදරියන් සමග වැඩ කළා. අරගලයට දේශපාලන නායකත්වයක් ලබාදීමේ අවශ්‍යතාව අපි ප්‍රායෝගිකව මැදිහත් වෙමින් සටහන් කළා. සංවිධානාත්මක අරගලයක් අවශ්‍ය ය කියන අවබෝධය ඇතිව අපි පෙරටුගාමී කාර්යභාරයක් වෙනුවෙන් ඒ අරගලයට සම්බන්ධ වුණේ.

අපට තිබුණෙ ඉලක්ක සහගත අරමුණක් වෙනුවට විරෝධය පාන ජනතාවට සංවිධානාත්මක අරගලයක් පිළිබඳ අත්දැකීම සම්බන්ධ කරන්න. අසංවිධානාත්මක අරගලයක් තුළට සංවිධානාත්මක අරගලයක් පිළිබඳ අවධාරනය රැගෙන එන්න අපි උත්සාහ කළා.

 

89 අරගලයේදි සමාජවාදී සමාජ පරිවර්තනක්, විප්ලවය පිළිබඳ අරමුණක් තිබුණා. සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ඒ අරගලය පැන නැගුනෙ. 2022 ගෝටා ගෝ හෝම් කියන සටන් පාඨය ගෙන එද්දි විධායක ජනාධිපති ක්‍රමය හෝ අඩු ගානෙ අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන අරමුණක් තිබුණෙ නෑ. නමුත් අපි ඒ වෙනුවෙන් අරගලයේ මැදිහත්වීමක් කළා. ඒ නිසාම අරගල බිමෙන් පැන නැගුණු දේශපාලන වැඩපිළිවෙළක් හරහා ජනතා බලයක් ස්ථාපිත කිරීමත් ඒ හරහා ජනතා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමත් අවධාරනය කරන්න හැකි වුණා. ඒ වගේම අඛණ්ඩ අරගලයක් වෙනුවෙන් අපි ගෝල්ෆේස් භුමියේත් වෙනත් අරගල බිම්වලත් අපේ අදහස රැගෙන ගියේ. අපට ඒ අත්දැකීම ලබා දුන්නෙ 89 අරගලයෙන්.

 

89 අරගලයෙදි හරිගිය වැරදුණු පාඩම් ගොඩක් 2022 අරගලයෙදි අපට නැවත ලැබුණා. අරගලයෙන් පස්සෙ ඒක දේශපාලනික නායකත්වයකට ගොනු කරන්න අසමත්වීමේ ප්‍රතිපලයක් ලෙස ජනතාව අරගලයෙන් විසිරීම නිසා පාලකයන්ට වාසිදායක තත්වයක් දැනි ඇතිව තිබෙනවා. නමුත් 1989 අරගලයේ පාඩම් නිසාම තමයි ජනතාවගේ ඓන්ද්‍රිය සම්බන්ධයක් ඇතිව අරගලයක් ගෙනයාම සම්බන්ධ 2022 පාඩම අපිට කියවාගන්න ලැබුණෙ.

1989 අරගලයෙදි එහි ඉදිරි පෙළ නායකයන් එකිනෙකා මරා දමද්දි සමීපතමයන් අහිමි වෙද්දි අරගලයේ ධජය ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව සහිත පරම්පරාවක් ඒ වෙනුවෙන් දේශපාලනය තෝරාගත්තා. අදත් අපට ඇති අභියෝගය වන්නේ 2022 අරගලයේ අඛණ්ඩතාව සහ ජනතා බලයක් සඳහා වන අරමුණ ජයගැනීම සඳහා වන දේශපාලන පැන නැගීමක් ඉදිරියට ගැනීමයි. වසරකට පෙරාතුව රට තුළ සිදු කළ තරුණ දේශපාලන මැදිහත්වීම ජනතා අරමුණු වෙනුවෙන් බව නිසැකයි. ඒනිසාම එය ඉදිරියට ගෙනයාම සහ ඒ වෙනුවෙන්  1988 -89 අරගලයේ මෙන්ම 2022 මහජන අරගලයේ පාඩම් කියවා ගැනීම අද දවසේ අවශ්‍යතාවක්ව තිබෙනවා.

යල් පැන ගිය ලෝකය වෙනුවට ඉදිරිපත්වන අලුත් අදහස තමයි, සමාජවාදය. අද රනිල් වික්‍රමසිංහ කියනවා, ආරථිකය හරි පීල්ලට ගන්නව කියලා. අපි රනිල්ටයි, ධනවාදය විශ්වාස කරන අනෙක් හැමෝටමයි කියනවා, හරි පීල්ලකට ගන්න ඔයධනවාදය කවදාවත් එහෙම පීල්ලක ගමන් කළ් නෑ. ආරම්යේ සිටම ධනවාදය මේ ලෝකය රැගෙන ගියේ පීල්ලක නෙවෙයි. ඒ නිසා අපි ඒ පීලි පැනපු ලෝකය නිවැරදි මාවතකට ගෙන එන්න සූදානම්. චේ ගෙවාර කියපු විධියට කළ නොහැකි දේ කෙසේ හෝ ඉටු කිරීමේ අභියෝගය අපට තියෙනවා. අපි ඒ අභියෝගය ජය ගන්න වැඩ කරමින් ඉන්නවා.

සමාජවාදය පිළිබඳ එදා ඉල්මහ විරුවන් සතුව තිබුණු පැවති අදහස වෙනදාටත් වඩා අද තරුණයි. ඒ නිසා අපි අදත් සමාජවාදය වෙනුවෙන් ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් ඒ අරමුණ ජයග්‍රහණය කිරීමට වැඩකරමු."

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්