Supreme TV නාලිකාවේ 'Supreme Live' ප්‍රවෘත්ති විකාශය නොවැම්බර් 15 වැනිදා සිට සෑම දිනකම සවස 6.25 ට

"#Supreme_දසත_NEWS" යන නමින් එළිදැක්වීමට නියමිතය.

නව හැඩයකින් , පක්ෂ පාට හෝ තහවුරු නොකළ පුවත් වලින් තොරව නැවුම්, විශ්වසනීය ප්‍රවෘත්ති විකාශයක් ලෙසින් මෙම සජීවීව විකාශය ආරම්භ කරන බව Supreme TV පවසයි.

Supreme Global Holdings හි "සුප්‍රීම් TV" නාලිකාව විසින් මෙරට ඩිජිටල් ප්‍රවෘත්ති මාධ්‍ය තුළ ප්‍රමුඛතම සන්නාමයක් වූ "දසත ලංකා NEWS" සමඟින් ගිවිසුම්ගත ව්‍යවසයකත්ව සහයෝගීතාවය මත මෙම විකාශය සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ ප්‍රවීණ ජනප්‍රිය රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් පිරිසක් මෙම "#Supreme_දසත_NEWS"  ජනගත කිරීමට එක්වන අතර දසත ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 'උපේන්ද්‍ර හේරත්' කටයුතු කරයි.

ඒ අනුව ඔබට දැන් පහත ක්‍රම ඔස්සේ "Supreme TV" තුළින් සෑම දිනකම සවස 6.25 ට ඇත්‍ත දැනගැනීමට "#Supreme_දසත_NEWS" නැරඹීමට හැකිය.

බස්නාහිර - UHF 49 (695.25 MHz)
දකුණ - UHF 28 (527.25 MHz)
 සබරගමුව - UHF 56 (751.25 MHz)
මාතලේ, උතුරු මැද, වයඹ - UHF 32 (559.25 MHz)
දිවයින පුරා - UHF 47 (679.25 MHz)
Freesat - නාලිකා අංක 17 (HD)
Dialog TV - නාලිකා අංක 20
 PEO TV - නාලිකා අංක 140

WhatsApp Image 2023 11 15 at 8.21.28 AM 2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්