හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර

ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ වෛද්‍ය පාලිත මහීපාල එළැඹෙන සඳුඳා (20) දිනයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි.

මේවන විට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරය ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අද (18) දිනයේ විශ්‍රාම ගැනීමට නියමිතය.

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරය මෙන්ම ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවල නිලතල බොහොමයක් හොබවා ඇත.

 පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කිරීමේ සුදානමක් පැවතියද ඔහු යටතේ මේවනවිට ඉහළ වටිනාකමකින් යුත් ව්‍යාපෘති කිහිපයක් ම ක්‍රියාත්මක වන බැවින් ඔහුව නිදහස් කිරීමට පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විරෝධය පළකර ඇතැයි ද වාර්තාවේ.

ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනු චෝදනා !

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරය ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත තමන්ට තවත් වසරක සේවා දිගුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුනද, ව්‍යාජ ලේඛන භාවිතා කරමින් ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ හෙවත් හියුමන් ඉමියුනෝග්ලොබින් එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමේ කුප්‍රකට සිද්ධියට ඔහුගේ නම ද ගෑවි වී ඇති බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අමාත්‍යංශයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගේ නමක් මිට ඉහතදී ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර තිබුනද ආන්දෝලනාත්මක ඉමියුනෝග්ලොබියුලින් එන්නත් ගණුදෙනුව සම්බන්ධ විමර්ශන වලදී මේවනවිට ඔහුවද ප්‍රධාන සැකකරුවකු ලෙස හඳුනාගෙන ඇත. එම නිලධාරියා ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ සොයුරකු බවද වාර්තාවේ.

ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වාර්තා සැලකිල්ලට ගනිමින්, පහත සඳහන් පුද්ගලයින් නවදෙනාට (09) ද විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණය විසින් නියෝගකර ඇතැයි ද පැවසේ.

1 - සීමාහේවගේ ජනක ශ්‍රී  චන්ද්‍රගුප්ත
2 - අත්තනායක මුදියන්සේලාගේ සමන් කුසුම්සිරි රත්නායක
3 - හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්
4 - බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත්
5 - යූ. එස්. කේ. දෙනාවත්ත
6 - ඩී.එච්.ආර්. එන්. ප්‍රේමතුංග
7 - ටී. ඩී. සොලමන්
8 - මරක්කල මානගේ නිරාන් ධනංජය
9 - එම්. සුජිත් වසන්ත කුමාර

හියුමන් ඉමියුනෝග්ලොබින් එන්නත් කුප්පි 22,500ක තොගයක් මෙරටට ගෙන්වන ලදැයි කියන සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් 'අරුණ දීප්ති', ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන තිදෙනාට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මිට ඉහත දී විදෙස් ගමන් තහනමක් පනවා තිබිණ.

මෙම හියුමන් ඉමියුනෝග්ලොබින් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි අංශය විසින් වෙන වෙනම විමර්ශන සිදුකරමින් පවතී.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්