රටේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා අඛණ්ඩව විදුලිය ලබා දීමේ ඇති අවශ්‍යතාව මත ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා

ආයෝජකයන්ට අවස්ථාව සලසා දීමට රජය සූදානමින් සිටින බව වාර්තා වේ.

දිගුකාලීන ජනන සැලසුම්වල කොටසක් ලෙස න්‍යෂ්ටික බලශක්තිය සුරක්ෂිතව භාවිත කිරීමට යොමුවීම සම්බන්ධයෙන් රජය බලාපොරොත්තු තබා සිටින බව ත් න්‍යෂ්ටික බලාගාරයක් ස්ථාපිත කිරීම සඳහා අභිලාෂ (EOIs) කැඳවනු ලබන බව ත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ‘එක්ස්’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

න්‍යෂ්ටික බලශක්ති ඒකාබද්ධ කිරීම සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් ව්‍යුහගත කිරීමට හා එය ආරක්ෂිතව භාවිත කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වූ බව ඇමතිවරයා සඳහන් කර ඇත.

kanchi wi copy

ඇමති කාංචන විජේසේකර මේ බව සඳහන් කර ඇත්තේ, පසුගිය 17 වන දා කොළඹදී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ නිලධාරීන් හමුවීමෙන් අනතුරුව ය. අඛණ්ඩ විදුලිබල සැපයුමක් 2032 වන විට මෙරට ස්ථාපිත කිරීම සඳහා පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා එහිදී සඳහන් කර ඇත.

 

කොළඹ වරාය නගරය, සැහැල්ලු දුම්රිය ප්‍රවාහන කටයුතු ඇතුළු රට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යාපෘති සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍ය වෙන බවත් එම වැඩසටහන් සඳහා න්‍යෂ්ටික විදුලි සැපයුම ඉතා යෝග්‍ය බවත් ඔහු එහිදී පැහැදිලි කර තිබේ.


ඒ අනුව මේ සියලු කටයුතු සඳහා වන විදුලි බල අවශ්‍යතාව සපුරා ගැනීම පිණිස මෙගාවොට් 400ක පමණ බලශක්තියක් ජනිත කෙරෙන පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බවද ඔහු සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන අධිකාරියේ දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට න්‍යාෂ්ටික බලාගාරයකින් විදුලිය සැපයුම ලබා ගැනීමට හැකියාවක් නොමැති බව ද බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව, පළමුවෙන් සිදුකළ යුතු වන්නේ අදාළ නීතිය වෙනස් කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීම බව ද හෙතෙම කීය.

දිවයිනේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය වන්නේ ආනයනික තෙල්, ගල් අඟුරු සහ ජල විදුලිය බව ත් 2030 වන විට සිය විදුලියෙන් සියයට 70ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කර ගැනීමට රජය අපේක්ෂා කරන අතර න්‍යෂ්ටික බලශක්ති මිශ්‍රණය සඳහා අඩු කාබන් විකල්පයක් ලෙස දකින බව ත් ඔහු සඳහන් කළේ ය.

රුසියාව, එක්සත් ජනපදය, ඉන්දියාව සහ සමහර යුරෝපීය රටවලින් ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාර පිරිනැමීම් තක්සේරු කරමින් සිටින බව ද ඔහු පැවසීය.

රුසියානු සහයෝගිතාවයෙන් ඉදිකරන ලද න්‍යෂ්ටික බලාගාරයක් ඇති එකම දකුණු ආසියාතික රට ඉන්දියාව වන අතර බංග්ලාදේශය සහ පකිස්තානය ද එවැනි බලාගාරයක් පිහිටුවීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව රුසියානු රාජ්‍ය පරමාණුක සමාගම බංග්ලාදේශයේ න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකරමින් සිටින අතර චීනය සහ පාකිස්තානය පන්ජාබ් පළාතේ මෙගාවොට් 1,200ක බලාගාරයක් ඉදිකිරීම සඳහා ජූනි මාසයේදී ගිවිසුමක් අස්සන් කර තිබේ.

(mawbima.lk)


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්