හිමිනමක් තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කර සිටි

පොලිස් කොස්තාපල්වරයා මියගොස් තිබේ.

ඒ, කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

එසේ මියගොස් ඇත්තේ, දෙණියාය පොලීසියට අනුයුක්තව සේවය කළ ගමගේ ධනුෂ්ක නැමති උඩ ගොමඩිය, කටුවන පදිංචි පොලිස් කොස්තාපල් වරයෙකි.

ඉකුත් බ්‍රහස්පතින්දා (16) වන දින පල්ලෙගම ගංගොඩ පාරේ පිහිටි වැඩිහිටි නිවාසය ආසන්නයේදී කොස්තාපල්වරයා පිහි ඇණුමට ලක්ව ඇත්තේ හිමිනමගේ වැඩිමහල් සොහොයුරිය සමග ඇතිකරගෙන තිබූ ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගෙන දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමකින් පසුවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 20 හැවිරිදි හිමිනම, රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්