පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර තිබෙන අම්බුලුවාව ජාත්‍යන්තර ආගමික මධ්‍යස්ථානයේ

කෝටි 17ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි විගණන  වාර්තාවකින් තහවුරු වී තිබෙන බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේදී පැවසීය.

2009 අංක 44 දරණ අම්බුලුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත යටතේ මෙම මධ්‍යස්ථානය පාර්ලිමේන්තුවේ සම්මත වී ඇතැයි විජේසිරි මන්ත්‍රීවරයා කීය.

2021 විගණන වාර්තාවෙන් අදාල මූල්‍ය වංචාව ගැන තහවුරු වී ඇතැයි කී විජේසිරි මන්ත්‍රීවරයා, ඇතුලත් වීමේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී මෙන්ම විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව වාහන දෙකක් මිලියන 7.5 කට විකිණීම මෙන්ම, ගෙවීම් අනුමත නොකළ වවුචර් 52ක ලක්ෂ 55ක් ආගිය අතක් නැතැයි ද සඳහන් කළේය.


බෞද්ධ මධ්‍යස්ථානය නමින් තමන්ගේ දේශපාලන කටයුතු කරනවා මේවා කියන්නේ කාටදැයි චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කළේය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්