ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට

බෙදාහැරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනා අනාවරණය කරගැනීම සඳහා පොලිසිය මේ වන විට පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.

එම සිද්ධියේ මහමොළකරු කැබිනට් මණ්ඩලයේ සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිනම් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසත් අභියෝග කරමින් නඩුවේ සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට සිකුරාදා (17) දැනුම් දී තිබිණි.

මෙම හෙළිදරව් කිරීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව සඳහන් කරන්නේ, දැනට සිදුකෙරෙන විමර්ශනයේදී ඊට සම්බන්ධ සියලුදෙනා හෙළිවනු ඇති බවයි.

ඉමියුනෝග්ලොබියුලින් එන්නත් ගණුදෙනුවේ මහ මොලකරුවා ලෙස පොලිස් විමර්ශකයින් විසින් මේවනවිට හඳුනාගෙන සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහල නිලධාරියකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත්තේ, එම නිලධාරියා ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ සොයුරකු නිසා යැයි ආණ්ඩුවට චෝදනා එල්ලවෙමින් තිබේ.


මේ අතර, වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සංගමය පසුගිය සතියේ ප්‍රකාශ කළේ, ප්‍රමිතියෙන් තොර ඉන්ට්‍රාවේනස් ඉමියුනොග්ලොබියුලින් කුප්පි සම්බන්ධ වංචාව පිටුපස සිටින මහමොළකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය මන්දගාමී බවයි.


ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් කුප්පි ආනයනය කළ බව කියන සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

එසේම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු 12 දෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රධානී, වෛද්‍ය සැපයීම් ඒකකයේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය සැපයීම් ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ ඇතුළු පිරිසකට මෙම තහනම් නියෝගය පනවා ඇත.

ඉමියුනොග්ලොබියුලින් ඖෂධයේ ආන්දෝලනාත්මක කාණ්ඩය භාවිත කිරීම දැනට පවතින පරීක්ෂණ හේතුවෙන් තාවකාලිකව නතර කර ඇත.

සබැඳි පුවත් :

ඉමියුනොග්ලොබියුලීන් එන්නත් මගඩිය : සෞඛ්‍ය ලේකම් ඇතුළු 9කට රට ගමන් තහනම්

'බාල බෙහෙතේ මහ මොළකරු කැබිනට්ටුවේ'

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්