ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වන වගන්තියට අනුව රජයේ ප්‍රතිපත්තියක් අධිකරණය

හමුවේ අභියෝග කල හැකි දැයි පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

''ජී.එල් පීරිස් අමාත්‍යතුමනි, අපට ඒ ප්‍රශ්නය තියෙනවා. ඒ එක්කම එක පැත්තකින් මේ කාරණය කැබිනට් මණ්ඩලය අනුමත කරලා, මේ  උත්තරීතර සභාවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වෙලා ඒකමතිකව සම්මත වෙලා විවාද කරලා ඒකමතිකව සම්මත වෙච්ච ප්‍රතිපත්තිමය කාරණයක්.'' යයි ද ඔහු කියා සිටියේය.

ඔහු එබව සන්ධාන කර සිටියේ, රාජපක්ෂවරුන් කිහිපදෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන්  අදහස් දක්වමිනි.

අයවැය ලේඛනයේ ප්‍රායෝගික නැති කාරණා බොහොමයක් තිබෙන බව පැවසු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, පසුගිය අයවැයේ ඉදිරි පියවරක් මේ අයවැයේ තිබෙනවා නම් ප්‍රශ්නයක් නැති බවත්, පහුගිය අයවැයේ ඉටු නොවූ දේවල් නැවත ඉදිරිපත් කරනවා නම් ඒ ගැන ගැටළුවක් තිබෙන බවත් සඳහන් කළේය.

බදු වැඩි කිරීම, දේශීය ණය ලබා ගැනීම සහ දේශීය ආයතන විකිණීමෙන් එහාට ගිය ගමේ රැකියා ගම උත්පාදනය  වැනි දේවල් අයවැයේ තිබෙනවාද තිබෙනවා ද?නැද්ද? යන ගැටලුව ඇතැයි නාමල් රාජපක්ෂ කියා සිටියේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.


''රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබදව අපි මේ පාර්ලිමේන්තුව තුල විවාද කරනවද නැද්ද ''

පහුගිය දින කිහිපය පුරාවටම මේ උත්තරීතර සභාව විවාදයට ලක් කරපු කාරණා පිළිබදව අපි අවධානය යොමු කරාම පක්ෂ විපක්ෂ දෙපැත්තෙන්ම බොහෝ වෙලාවට ගරු කථානායකතුමනි, අපට හැගීමක් එනවා අවංකව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබදව අපි මේ පාර්ලිමේන්තුව තුල විවාද කරනවද නැද්ද කියන කාරණය. ‍ඒ වගේම මේ ඉදිරිපත් කරපු අයවැය තුල තිබෙන ගුණාත්මක භාවය සහ යම් අහිතකර කාරණයක් තියෙනවා නම් ඒ පිළිබදව අවංකව අපි මේ උත්තරීතර සභාවේ අදහස් ප්‍රකාශ කරනවද කියන කාරණය පිළිබදව අපට සාධාරණ සැකයක් තියෙනවා.


දැන් බලන්න ගරු කථානායක තුමනි අද උදේ ගත්තත් පසුගිය දවස් කිහිපය ගත්තත් සමස්ථ අයවැයෙන් 30% ක් 35%ක් ම කතාකලේ ක්‍රිකට් ගැන. තව 30% ක් 35%ක් ම විවාද කරලා තියෙනවා අධිකරණ තීන්දුවක් ගැන.  තවත් 10% ක් 15%ක්  විවාද කලා රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සහ කෝප් එක ගැන. ඉතුරු ටිකට තමයි ගරු කථානායකතුමනි‍ මේ අයවැය ලේඛණය ගැන මේ පාර්ලිමේන්තුවේ විවාද කලේ. අද මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. බදු සම්බන්ධව මේ රටේ ජනතාව තුල ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක පිළිගත යුතු කාරණයක්. දැන් මේ සියළු කාරණා තියෙද්දි අපි මේ උත්තරීතර සභාවේ විවාදයට ගන්නේ මේ රටේ ජනතාව අපිට භාර දුන්නු කාරණය පිළිබදව ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතිරි කාරණා පිළිබදව විවාද කලාට කමක් නැහැ. නිශ්චිත කාලයේ දී. අදාල කාරණය විවාද කල යුතු අවස්ථාවේ දී. හැබැයි මේ අයවැය ලේඛණයක් තුලින් මේ රටේ ඉදිරි වසර සදහා මූල්‍යමය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නම්, ඒ පාර්ලිමේන්තුවේ වගකීමක් ඉටු කරනවාද කියන ප්‍රශ්නය අපට තියෙනවා.


මේ අයවැය ලේඛණය පිළිබදව හොද කාරණා වගේම නරක කාරණාත් තියෙ‍නවා. ප්‍රායෝගික නැති කාරණාත් ගොඩක් තියෙනවා. ඔබතුමාලත් එකග වෙයි. පහුගිය වසරේ ඉදිරිපත් කරපු අයවැයේ තියෙන බොහෝ කාරණා ඒ විදියටම මේ අයවැයෙත් තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ පහුගිය අයවැය ඉදිරිපත් කරලා ඒකෙ තියෙන කාරණා  වල ඉදිරි පියවර නම් ඒ පිළිබදව අපිට ප්‍රශ්නයක්.නෑ ගරු කථානායකතුමනි. මේ පහුගිය අයවැයෙත් ඉදිරිපත් කරලා ඒ ඉදිරිපත් කරපු එක නොවිච්ච නිසා නැවත වතාවක් එය ඉටු කරනවා කියන කාරණය අළුත් විදියට ඉදිරිපත් කරනවා නම් ඒ පිළිබදව අපට ගැටළුවක් තියෙනවා.

සමස්ථ අයවැයේ රාජ්‍ය  ආදායම උත්පාදනය කිරීම සදහා වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ බදු ආදායම වැඩි කරන්න. ඒ කියන්නේ මේ රටේ මහජනතාවගේ එදිනෙදා පරිභෝජනය සදහා භාවිතා කරන කාරණා වලින් පටන් ගත්තාම හැම ක්ෂේත්‍රයකම බදු ආදායම වැඩි කරන්න. අනික් කාරණය තමයි දේශීය වශයෙන් ණය ලබා ගැනීම. ඒ වගේම තමයි රාජ්‍ය  දේපල පෞද්ගලීකරණය කිරීම. ඉන් එහාට ගියපු දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න, විදේශ ආයෝජකයෝ ලංකාවට රැගෙන එන්න. ඒ වගේම තමයි රැකියා ගම තුල උත්පාදනය කරන්න වැඩ පිළිවෙලක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය අපට තියෙනවා.

අපට පැහැදිලියි ඒ ප්‍රශ්නය ගරු කථානායකතුමනි.. මොකද අපි බදු අය කරන්න වෙන්නෙත් මේ රටේ මහජනතාවගෙන්. වර්තමානයේ බදු ප්‍රමාණය බැලුවම, ඒකට තවත් බදු එකතු වුණාම ඒ පිළිබදව මේ ‍රටේ ජනතාවට දරා ගන්න බැරි තැනකට යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි ඇත්ත  කථාව. තවත් පැත්තකින් ඒකට විසදුම විදියට නැත්නම් ඒකට හේතුව විදියට ඉදිරිපත් කරන්නේ අයිඑම්එෆ්  එක එක්ක අපි එකග වෙච්ච කාරණා. හැබැයි මේ අයවැය තුල අපේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමත්  ඉන්නවා. අයිඑමඑෆ් එක බලාපොරොත්තු වෙච්ච කාරණා ඉෂ්ඨ වෙනවද නැද්ද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. එක පැත්තකින් අයි.එම්.එෆ් එක බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්නෙත් නැත්නම් ඒ තුල අනිත් පැත්තෙන් මහජනතාවගේ  සුබසිද්ධිය වෙන්නෙත් නැත්නම් එතනින් ඉදිරි පියවර විදියට අපි කුමක්ද කරන්නේ කියන කාරණය පිළිබදව අපි මීට වඩා හිතන්න ඕනේ කියන කාරණය මම විශ්වාස කරනවා ගරු කථානායකතුමනි.

අද ලංකාවේ ආනයනයවලට තහනම අයින් කරනවා එක පැත්තකින්. ඒක හොදයි. හැබැයි 100%ට 200%ක් ඒ ආනයනවලින් එන බදු ආදායම වැඩි කරගන්න උත්සාහ කරනකොට ඒ කර්මාන්තවලට ගේන අමුද්‍රව්‍ය වලටත් බලපානව ද නැද්ද කියන එක අහන්න වෙනවා. කර්මාන්තවලට අමුද්‍රව්‍ය  ගේනවා නම් ඒවටත් අසීමිත විදියට බද්දක් වදිනවා නම් ගරු කථානායකතුමනි, විදුලි බිලේ වැඩි වීමත් ප්‍රවාහන ගාස්තුවල වැඩි වීමත් එක්ක අපට ලෝක වෙලදපොල තුල අපේ  අපනයනවලට තරගකාරී වෙළදපොල තුල රැදී ඉන්න පුළුවන් ද බැරිද කියන ගැටළුව අපිට එනවා.


මම හිතන්නේ ආණ්ඩුව  කැබිනට් මණ්ඩලය ඒ පිළිබදව අවධානය යොමු කලොත් හොදයි. මොකද අපේ ඉලක්කය විදේශ ආ‍යෝජකයෝ ලංකාවට ගේන්න නම් ‍වැට් එක 18% වෙනකොට අනිත් පැත්තෙන් අපනයන වැට් එක 30% ක් වෙනකොට ආනයනය කරන අමුද්‍රව්‍ය වලටත් ආනයනය කරන භාණ්ඩ වලටත් එක පැත්තකින් බද්දක් වැඩි වෙනවා නම්.... මම දන්නේ නැහැ අයවැයේ කොතනක හරි ප්‍රතිපත්තියක් තුල කර්මාන්ත වලට ඒ සහන දෙනවද කියලා. නොදෙනවා නම් ඒ තුල අපට ලෝක වෙළදපොල තුල තරගකාරීත්වයක් පවත්වා ගන්න බැරි තැනකට අපි ඇද වැටෙන්න පුළුවන්. ඒ තුල අපේ රටේ විරැකියාව වැඩි වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අනිත් පැත්තෙන් ගරු කථානායකතුමනි මේ කාරණා ක්‍රියාත්මක කිරීමේ දී ලංකාවේ දේශීය වෙළදපොල තුල භාණ්ඩ හා සේවා වල මිලත් ඉහල යන්න පුළුවන්. මේ පිළිබදව රජයේ අවධානය යොමු කරයි කියලා මම විශ්වාස කරනවා.''

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image