සීනිවලට උපරිම මිල නියම කරමින් ඉනිකුත් කළ ගැසට් නිවේදනය

අද (21) රාත්‍රී ඉවත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය

පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය මේ මස 3 වැනිදා නිකුත් කළ එම ගැසට් නිවේදනය අවලංගු කර නව ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට අද පස්වරුවේ යොමු කළ බවත් ඒ අනුව රුපියල් 50 ක නව බද්දට ඉදිරියේදී ආනයනය කරන සීනි ආනයනකරුවන්ට දැරීමට සිදුවන පිරිවැය මත මිලකට සීනි අළෙවි කළ හැකි බවත් එම නිලධාරියා කීය.

එම ගැසට් නිවේදනයට අනුව පැකට් නොකළ සුදු සීනි කිලොවකට රුපියල් 275 ක සහ රතු සීනි කිලෝවකට රුපියල් 330 ක උපරිම සිල්ලර මිලක් ද, පැකට් කළ සුදු සීනි කිලෝවකට රුපියල් 295 ක සහ රතු සීනි කිලෝවකට රුපියල් 350 ක උපරිම සිල්ලර මිලක් ද, පැනවිණි.

ශත 25 ක බද්ද මත ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 18,000 ක් පමණ රටතුළ ඇති බවට මේ වන විට ගණනය කර ඇති බවත් එම තොග පවරාගැනීමේ කටයුතු වෙළෙඳ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියයේ උසස් නිලධාරියෙක් පැවසීය.

(lankadeepa.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්