ලොව බොහෝ දියුණු රටවල පවා අන්තර්ජාල පරිහරණය‍ නියාමනයක් ඇතිව ක්‍රියාවට නැංවෙන බවත්, ළමා අපයෝජන ඇතුළු බොහෝ සමාජ

ගැටළු ඇතිවීමට ඩිජිටල් තාක්ෂණයේ අවභාවිතය හේතුවී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. 

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, නොවැම්බර් මස 19 වන දිනට යෙදී තිබුණු ළමා අපයෝජන වැළැක්වීමේ දින සමරුව නිමිත්තෙන් සංවිධානය කරන ලද වැඩසටහනකට එක්වෙමිනි. 

 

දිනෙන් දින වැඩි වෙමින් පවතින සමාජ, ආර්ථික ප්‍රශ්න හමුවේ වත්මන් සමාජය සිටින්නේ නොනවතින තරගයක බවත්, තරගයක ස්වභාවය ජයග්‍රහණ අත්පත් කරගැනීම වෙනුවෙන් වෙහෙසීම වන නිසා අපට හමුවන්නේ මානසික පීඩනය සහ ආතතියට ලක්වූ පරපුරක් බවත්, මේ නිසා ඉදිරි පුහුණු වැඩසටහන්වල දී මනෝ වෛද්‍ය ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. 

 

මෙරට ප්‍රාදේශීය මට්ටමින් මතුවන සමාජ ගැටළු හඳුනාගන්නටත් ඒවාට විසඳුම් ලබාදීම වෙනුවෙන් පියවර ගන්නටත් බිම් මට්ටමේ නිලධාරීන් රැසක් සිටින බවත්,  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331කත්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු 25කත්  මාසික ව සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වෙන බවත් ඒ හරහා මෙම ගැටළු වෙනුවෙන් විශාල මැදිහත්වීමක් සිදුකළ හැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, බොහෝ දරුවන්ට සිදුවන අසාධාරණ, අපයෝජන, සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් ඇතුළු ගැටළුවලට පවුල් සංස්ථාව තුළ පවත්නා ප්‍රශ්න බවත්, දරුවන් හුදකලාවීම, මව්පිය ආරවුල්, දරුවන්ට අවධානයක් නොමැතිකම සහ නූගත්කම වැනි හේතු බලපා ඇති බවත් මේ සම්බන්ධ වැඩිදුරටත් සමීක්ෂණ සිදුකරමින් ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවත් සඳහන් කළේ ය. 

 

එමෙන් ම ලිංගික අධ්‍යාපනය පාසල්වලට හඳුන්වාදීම නුසුදුසු බවට ඇතැම් පිරිස් තර්ක කරන බවත්, එය පාසල් විෂයමාලාවට වඩාත් යෝග්‍ය වන අන්දමින් ඇතුළත් කිරීම සිදුකළ යුත්තක් බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තුළ ඒ වෙනුවෙන් අවධානය යොමුව ඇති බව ද පැවසීය. 

 

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පාසල් ගුරුවරුන්, සිසුදරුවන්  දෙමාපියන්, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 

IT 7624236


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්