leader s

මෙවර (2024) අයවැය තුළින් හිටපු ජනාධිපතිවරුන් සඳහා ජනාධිපතිගේ වැය ශීර්ෂයෙන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමින් ජාතික ජන

බලවේගයේ නායක අනුර දිසානායක‍ ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

ඒ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ එක් ශීර්ෂයක් යටතේ හිටපු ජනාධිපතිවරුන්ගේ වැය ශීර්ෂය සඳහාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ රටේ ආර්ථිකය බන්කොලොත් කිරීම සම්මබන්ධයෙන් වගකිවයුතු බව සඳහන් කරමින් අධිකරණයෙන්ද තීන්දුවක් ලබා දී ඇති බැවින්, ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ 1, 1, 3 වැය ශීර්ෂය යටතේ 2023 අවුරුද්දේ රුපියල් මිලියන 84කුත් 2024 වසර සඳහා රුපියල් මිලියන 110කුත් වෙන් කර ඇති බවත් පෙන්වා දුන් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක‍ එම වැය ශීර්ෂයට ඡන්දයක් අවශ්‍ය බව සඳහන් කර සිටියේය.

ඒ අනුව එම වැයශීර්ෂයට ඡන්දය පක්ෂව ඡන්ද 62ක්ද විරුද්දව ඡන්ද 03ක්ද ලැබී තිබූ අතර ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කලේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනා පමණි.

ඡන්දය විමසන අවස්ථාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගොස් තිබිණි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්